ලුණුගම්වෙහෙර යෝජිත අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලියෙකුටවත් ඉඩ නෑ

(ලලිත් චාමින්ද)

ලුණුගම්වෙහෙර යොජිත අලි රැදවුම් මධ්‍යස්ථානයේ වර්ග ප්‍රමාණය 35Km2 බැවින් එම භුමි ප්‍රමාණයේ එක් අලියෙකුට හෝ නිදහසේ සැරිසැරිමට ප්‍රමාණවත් නොවන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

සාමාන්‍යයෙන් වන අලියකුගේ වාසස්ථානය ලෙස 50Km2 – 600Km2 ක භුමි ප්‍රමාණයක් අවශ්‍ය බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මත්තල ප්‍රදේශයේ වන සංවර්ධන කටයුතු හේතුවෙන් එම ප්‍රදේශයේ වාසය කළ අලි 400ක් පමණ වු අලි ඇතුන්ට එම සතුන්ගේ වාස භුමි අහිමිවිම නිසා ලුණුගම්වෙහෙර රක්ෂිතයට පළවා හැරතිබුණි. ලුණුගම්වෙහෙර රක්ෂිතයේ අලි ගහණය ඉහල අගයක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම ප්‍රදේශයේ තවත් භුමි ප්‍රමාණයක් මෙවැනි ඉදිකිරිම සදාහ යෙදවිම තුලින් වන සතුන්ට තම වාසභුමි අඩුවන බව නිරික්ෂණය වන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.


අලියා, මුවා,මී හරකා, දිවියා, නරියා වැනි සතුන් විශාල රංචු වශයෙන් ලුණුගම්වෙහෙර ජාතික වන උද්‍යානය තුල වාසභුමි කරගෙන දිවිගෙවනු ලබති. එම සතුන් පිළිබද සංගණනයක් සිදුකර සතුන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද යන්න පිළිබද නිගමනය කළ යුතු බවට මෙකි වි්‍යාපෘතිය කරගෙන යාමේ දි පවත්වන ලද ප්‍රගති සමාලෝචන හා උපදේශන කමිටු රැස්විම් වලදි තිරණය කොට තිබුණි.

නමුත් එවැනි සංගණනයක් සිදුකර නොතිබු බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම යෝජිත අලිවැට ඉදිකිරිමට පෙර එහි සිටින සතුන් සම්පුරණයෙන්ම එම ප්‍රදේශයෙන් ඉවත්කළ යුතුවේ. ඉවත් කරණ සතුන්ගේ පවැත්ම සදහා සුපෝෂණය සලසන ආකාරය පිළිබදව සැලසුම් සැකසිය යුතුවේ.එහෙත් එවැනි කිසිදු සැලැස්මක් දේපාර්තමේන්තුව විසින් සිදුකර නොතිබු බවද විගණනයේ දි අනාවරණය කොට ඇත.

ඉවත් කරණ සතුන් රැදවුම් මධ්‍යස්ථානයෙන් පිහිටි භුමියෙන් පිටතට පලවා හැරියද එම ප්‍රදේශයෙන් පිටත දැනට සිටින සතුන්ට හා ඉවත්කරණ සතුන් සදහා ආහාර, ජලය,ඉඩකඩ ප්‍රමාණවත් නොවුනහොත් නියගය පවතින කාලවලදි විශාල සත්ත්ව විනාශයක් සිදුවිමට ඉඩ ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම රැදවුම් මධ්‍යස්ථානයට ඇතුළත් කරණ අලින් පුනරුත්ථාපනය කර නිදහස් කරණ ක්‍රමවේදයක් සැලසුම්කොට නොමැති බැවින් යම් දිනක එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවනු ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට ඉදිකරඇති හොරෙව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ අඩුපාඩු තිබියදි ප්‍රචණ්ඩකාරි අලි රදවා ගැනිමේ මධ්‍යස්ථානයක් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුල ඉදිකිරිම සදහා යෝජනාකර තිබුණි. අක්කර 3000ක් වපසරියකින් යුතු මෙකි අලි රැදවුම් මධ්‍යස්ථානය ලෝක බැංකු ආධාර වි්‍යපෘතිය යටතේ යෝජනාකර තිබු අතර 2017 අගෝස්තු 11 වැනිදින ඒ සදහා අවසර ලැබි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

Exit mobile version