ලිට්රෝ ලාෆ් හවුලකට යෝජනාවක් – එහෙත් වෙළෙඳපොලේ වෙන වෙනම!

gas

ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකේ සිල්ලර වෙළෙඳ මෙහෙයුම් එක්වීමක් සිදුනොවන බවත් දැනට යෝජනා වී ඇත්තේ හම්බන්තොට පවතින ලාෆ් ගෑස් සමාගමේ ගෑස් ගබඩා පර්යන්තය සඳහා ලිට්රෝ සමාගම සියයට 40ක හවුල්කාරීත්වයකට පැමිණීම පමණක් බවත් ලාෆ් ගෑස් ව්‍යාපාර සමූහයේ සභාපති එච්.කේ වෑගපිටිය මහතා ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව ඉදිරියටත් මෙම සන්නාම දෙක වෙන් වෙන් වශයෙන් වෙළෙඳපොල පවතිනු ඇති අතර හම්බන්තොට ගබඩා පර්යන්තය ට හවුල්කාරීත්වයකට පැමිණීම පිළිබඳ යෝජනාව තමන් ඉදිරිපත් කළ එකක් නොව රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ යෝජනාවක් බව ද සඳහන් කළේය. මෙම යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට විවිධ මත පළවෙමින් පවතින අතර එය හෙට දිනයේ (සඳුදා) පැවත්වෙන කැබිනට් රැස්වීමට අනුමැතිය සඳහා ඉදිරිපත් වන බවට තමන්ටද දැන ගන්නට ලැබුණු බව ද ඔහු සඳහන් කළේ මෙම යෝජනාව පිළිබඳව අප විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි.
ලංකාසරට වාර්තා වන අන්දමට ලාෆ් ගෑස් සමාගමට පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් හදිසි මිලදී ගැනීම් සිදුකිරීමට සිදුවන අතර ඔවුන්ට ද නව පර්යන්තයක අවශ්‍යතාව මතුව ඇත. මේ අතර ණය ගෙවීමේ අර්බුදයක සිටින ලාෆ් ගෑස් සමාගම එම ණය බර අඩු කර ගැනීමේ මාර්ග සොයමින් සිටින තත්ත්වයක් තුළ රජය පාර්ශ්වයෙන් යෝජනා වී ඇත්තේ ලිට්රෝ සමාගම සතුව පවතින ගෑස් ගබඩා පර්යන්ත. පහසුකම සඳහා හවුල්කාරීත්වයකට එන ලෙසය. රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් ආනයනයේදී සිදුවන පාඩුව වැළැක්වීම සඳහා ලාෆ් ගෑස් සමාගම වරින් වර මිල වැඩි කරන ලෙස දන්වා සිටියද එම වැඩි කිරීම්වලට ඉඩ ලබා නොදීම හේතුවෙන් ලාෆ් සමාගමට ණය ගෙවීමේ අර්බුදයකට මුහණ පා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලාෆ් සභාපති වෑගපිටිය මහතා පවසන්නේ රජයේ ප්‍රතිපත්තිවල ප්‍රශ්නය හේතුවෙන් තම සමාගම මෙම අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවු බවය.මේ වනවිට ලාෆ් සමාගම මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 22ක පමණ ණයක් ගෙවීමට පවතින අතර මෙම ත්තත්වයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ නිසි කලට ගෑස් මිල ලෝක වෙළෙඳපොළේ සහ ජාත්‍යන්තර මූල්‍ය විචලනයන්ට අනුකූලව වැඩි කිරීමට ඉඩ නොදීමය.
මේ අනුව දැනට මෙට්‍රික් ටොන් 60,000ක පමණ ධාරිතාවකින් යුතු ලාෆ් ගබඩා පර්යන්තයේ හවුල්කාර යෝජනාවක් හරහා සියයට 40ක් ලිට්රෝ සඳහා ලබා දීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර දැනට සිදු කෙරෙන ස්ථානීය මිලදී ගැනීම් වෙනුවට ලිට්රෝ සමාගමට සැලසුම් සහගත ගෑස් මිලදී ගැනීම් හරහා දැන සිදුවන වියදම සියයට 50කින් පමණ පහත හෙළිමට හැකි බවට මත ඉදිරිපත් වී ඇත. කෙසේ වුද මෙම යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට ලිට්රෝ සමාගමේ විරෝධයක්ද පවතින අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ලාෆ් ගෑස් සමාගමේ මූල්‍ය අර්බුදය පියවීමට වඩා යමක් සිදු නොවනු ඇති බවය. දැනට ලිට්රෝ සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් 8000ක් ගාබඩ කිරීමේ පහසුකම් ඇති බවද එය ඔවුන්ට කලමනාකරණය කර ගත හැකි බත් මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස් සඳහන් කරති.

Exit mobile version