ලැන්කැන්ග් දූපත අවටින් හමුවූ සුන්බුන් අතුරුදන් ඉන්දුනීසියා ගුවන් යානයේ!

පුද්ගලයන් 62 දෙනෙකු රැගත් ඉන්දුනීසියාවට අයත් ශ්‍රීවිජය ගුවන් යානය ජකර්තා සිට ගුවන් ගත වූ විගසම සබඳතා අවහිර වීමෙන් පසුව අනතුරට පත්ව ඇතැයි බියෙන් පසුවන බව ඉන්දුනීසියාවේ ජාතික ප්‍රවාහන ආරක්‍ෂක කමිටුවේ ප්‍රධානී සූරියන්තෝ කැහියෝනෝ පවසයි.

ඉන්දුනීසියානු බෝර්නියෝ හි ජකර්තා සිට පොන්තියානාක් දක්වා ගමන් ගත් 182 ශ්‍රීවිජය ගුවන් යානය ප.ව. 2:40 ට ගුවන් පාලක මැදිරිය සමඟ තිබූ සම්බන්ධතා නැති විය.

ඉන්දුනීසියාවේ බසර්නාස් සෝදිසි හා ගලවා ගැනීමේ ඒජන්සියේ මේජර් ජෙනරාල් බම්බැන්ග් සූරියෝ අජි අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ යානය ජකර්තා අගනුවරට වයඹ දෙසින් පිහිටි දහසක් දූපත් දාමයේ ලකී සහ ලැන්කැන්ග් දූපත් අතර අනතුරට ලක්ව ඇති බවට විශ්වාස කරන බවයි. යානය සෙවීම සඳහා දැන් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.


අතුරුදහන් වූ ඉන්දුනීසියාවේ ගුවන් යානයේ මගීන් 50 දෙනෙකු සිට ඇති අතර වැඩිහිටියන් 43 ක් සහ ළමුන් 7 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු එහි සිටි බව ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍ය බුඩි කාරියා සුමඩි මාධ්‍ය හමුවකදී පැවසීය.

රියර් අද්මිරාල් අබ්දුල් රසීඩ් පවසන පරිදි ඉන්දුනීසියානු නාවික හමුදාව යුද නැව් පහක් සහ කිමිදුම් භටයින් එය සෙවීම සඳහා යොදවා තිබේ.

ඉහළ පෙළේ බසර්නාස් නිලධාරියෙක් වාර්තාකරුවන්ට පැවසුවේ භූමියේ සිටි ඔවුන්ගේ නිලධාරීන් ලැන්කැන්ග් දූපත අවට සුන්බුන් සොයාගෙන ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සුන්බුන් විමර්ශනය කිරීම සඳහා ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව වෙත යවනු ලබන අතර, එම සුන්බුන් අතුරුදහන් වූ යානයට අයත් දැයි තහවුරු කර ගත නොහැකි බව ඔහු පැවසීය.

Exit mobile version