ලයිට් හවුස් හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 04ක් අත් අඩංගුවට…

ලලිත් චාමින්ද-

 ගාල්ල දඩැල්ල ප්‍ර දේශයේ පිහිටි තරුපහේ හෝටලයක් ඉදිරිපිටදි ඊයේ (18) පස්වරුවේ දි පිය පුතු දෙපලකට වෙඩි තැබිමේ සිද්ධියට  ආධාර අනුබල දුන් පුද්ගලයින්  සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ   මෙකි වෙඩි තැබිමට සම්බන්ධ   පුද්ගලයින් දෙදෙනෙක්  හා වෑන් රථය වෙඩික්කරුවන් වෙත රැගෙන ගොස් ලබාදුන්  පුද්ගලයින් දෙදෙනෙකි.  සැකකරුවන් සිව්දෙනා හබරාදුව හිනටිගල ප්‍ර දේශයේ පදිංචි  වයස අවුරුදු 25 හා 36 අතර වියේ පසුවන අයවෙති.  වැගන්ආර් වර්ගයේ  රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම පිය පුතු දෙපලට  මිලිමිටර් නමය වර්ගයේ පිස්තොලයකින් වෙඩි තබා ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

උණ්ඩය

 වෙඩික්කරුගේ ඉලක්කය වැරදියාම නිසා මෙම වෙඩි තැබිමෙන් පිය පුතු දෙපලට කිසිදු අනතුරුක් වි නැත.  මෙකි පිය පුතු දෙපල  උණවටුණ මැටරඹ ප්‍ර දේශයේ පදිංචිකරුවන් වෙති. ඊයේ (18) පස්වරුවේ දි  පුතුගේ යතුරුපැදියට අවශ්‍ය අමතරකොටස් කිහිපයක් මිලදි ගැනිම සදහා පියා පුතු සමග ත්‍රි රෝද රථයෙන් ගාල්ල නගරයට පැමිණ ඇත.  එම අවස්ථාවේ දි දඩැල්ල ප්‍ර දේශයේ තරුපහේ හෝටලයක රැදි සිටින විදේශිකයින් දෙදෙනෙකු රැගෙන යාමට එන ලෙද පියාට දුරකථන ඇමතුමක් ලැබි ඇත.   ඔහු පුතු සමග ත්‍රි රෝද රථයෙන් මෙකි සුපරි හෝටලය  ඉදිරිපිට  ත්‍රිරෝද රථය නතරකොට මාර්ගයට පැමිණ තිබේ.එම අවස්ථාවේදි වෑන් රථයෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා මෙම පිය පුතු දෙපලට වෙඩි තබා ඇත. මොවුන්ට වෙඩි වැදි නොමැති අතර පසුව පිය පුතු දෙපල ත්‍රි රෝද රථයෙන්ම ගාල්ල පොලිසියට පැමිණ මේ  පිළිබද පැමිණිලි කොට ඇත. පුතු 14 හැවිරිදිවියේ පසුවන අයෙකි.

වෙඩික්කරුවන් පැමිණි වාහනය…

 දැනට විදේශගතව සිටින  පාතාලයට සම්බන්ද  අයියා මලෝවරු දෙදෙනෙකු අතර පවතින  ගැටුමක ප්‍රථිපලයක් වශයෙන් මෙම වෙඩි තැබිම  සිදුවි ඇති බව පොලිසිය පවසයි. මෙම අයියා මලෝවරු දෙදෙනාට  මිනිමැරුම්, මංකොල්ලකෑම්, සම්බන්දයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කොට ඇති  අය බවද පොලිසිය පවසයි. මුල් කාලයේ දි මෙම අයියා මලෝවරු දෙදෙනා එක්ව අපරාධ සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. පසුව දෙදෙනා විරසකවි ඇති අතර මේ වනවිට දෙදෙනාම විදේශගතවි සිටින බව පොලිසිය පවසයි. පාතාලයට සම්බන්ද අයියා මලෝවරු  දෙදෙනාගේ  ගොලයින් විසින් මේ වනවිට දෙපිලකට බේදා ගැටුම් ඇති කරගනිමින් සිටින බවද පොලිසිය පවසයි. පාතාලයට සම්බන්ද අයියා මලෝවරු දෙදෙනාගෙන් අයියාගේ ගොලයෙකුට මල්ලිගේ ගොලයින් විසින් මෙම වෙඩිතැබිම සිදුකොට ඇති බව පොලිසිය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 වෙඩි තැබිම වු ස්ථානයේ තිබි එක් උණ්ඩයක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත. වෑන් රථයෙන් පැමිණි වෙඩික්කරු හා වෑන් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට නොමැති අතර ගාල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Exit mobile version