ලබන සඳුදා සිට උතුරේ සියලුම පාසල් සතියේ දින පහම පැවැත්වේ…

දිනසේන රතුගමගේ-

මේ මස 8 වෙනිදා සිට උතුරේ සියලුම පාසල් දින පහ පුරාම පවත්වා ගෙන යන ලෙස උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

ප්‍රවාහන පහසුකම් ඉතාම දුර්වල පළාත්වල පාසල් ආරම්හ කිරීම හා පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් විදුහල්පතිවරු හා කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂවරු රැස් වී සාකච්ඡා කොට තීරණයක් ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන  අවශ්‍යතා ඇති ගුරුවරුන්ට ඔවුන්ට ලඟම ඇති ඉන්ධන පිරවුම් හලෙන් උදෑසන 6 සිට 8 දක්වා අපහසුවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා කර පහසුකම් සලසා දෙන ලෙසද උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ.

Exit mobile version