ලබන සති අන්තයේ රට පුරා ආදර්ශ ඡන්ද

එළඹෙන සති අන්තයේ ( 13-14) මුළු දිවයිනම ආවරණය වන පරිදි සෑම දිස්ත්‍රික්කයකටම අලුත්ම මැතිවරණ අත්දැකීම ලබා දීම සඳහා    පෙර සූදානම් ආදර්ශ ඡන්දයක් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද (08) පැවසීය.

අද සවස ජනමාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේ මේ ආදර්ශ ඡන්දය පවත්වන්නේ කොවිඩ් 19 අභියෝගය හමුවේ ඡන්දය පැවැත්වීමේ දී මුහුණ දෙන ප්‍රායෝගික අත්දැකීම ඡන්දපල නිලධාරීන්ට ලබා දීම සඳහා බවය. අම්බලන්ගොඩ දී පැවති ආදර්ශ ඡන්ද විමසීම අතිශය සාර්ථක වූ බවත් එහිදී කාල කලමණාකරණයේ සිට විෂබීජ නාශක දියර පාවිච්චි කළ යුතු ආකාරය, ආරක්ෂ ඇඳුම්වල අවශ්‍යතාවය,  විශේෂ මුහුණු ආවරණ පැළඳිය යුතු කණ්ඩායම් වැනි සෑම සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙතක්ම පිළිබඳ  නිවැරදි තීන්දු ගැනීමට හැකි වූ බව කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපතිවරයා පැවසුවේ  මේ ඡන්දයෙන් ඡන්දපල හරහා කිසිම ආකාරයට කොවිඩ් 19 සමාජයට පැතිරවීමේ ඉඩ අසුරන බවය. එහෙත් ගැටලුව ඇත්තේ ඡන්ද ව්‍යාපාරයෙහි නිරත වන දේශපාලකයන් මේ සමාජ රීති පිළිපදිනු ඇතිද යන්න ගැන බවත්, සියලු දේශපාලන පක්ෂ සහ දේශපාලකයන්ගෙන් මේ අවස්ථාවේ වගකීමෙන් ක්‍රියා කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා පැවසීය.


Exit mobile version