ලබන සතියේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට…

Parliament

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන සතියේ සිට රැපික් ඇන්ටිජන්ට් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇත.

කතා නායකවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු බලධාරීන්  විසින් සැලසුම් කර ඇති අතර එය සියලු මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කර නැති බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

ජංගම පරීක්ෂණ රථයක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට ගෙන්වා සභාව පැවැත්වෙන අතර තුර මන්ත්‍රීවරුන් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමට සැලසුම් කර තිබේ.


සියලු මන්ත්‍රීවරුන් පී.සී.ආර් පරීක්ෂාව සිදුකරගන්නා ලෙස කතා නායක වරයා දැනුම් දී තිබුණත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණත් මන්ත්‍රීවරුන් 225න් 100කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුව තුළ පී.සී.ආර් පරීක්ෂණ සිදුකරගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මැති ඇමතිවරු  7 දෙනෙකුට  කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වී තිබේ.  මේ තත්වය    රැපික් ඇන්ටිජන්  පරීක්ෂාවට පාර්ලිමේන්තු බලධාරීන් දැඩි උනන්දුවක් දක්වන බව  පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

Exit mobile version