ලබන මස සිට ඉන්ධන අර්බුදය උග්‍රයි… ජනපති හදිසි රැස්වීමක් කැඳවයි!

පෙබරවාරියේ සිට උග්‍රවීමට නියමිත ඉන්ධන හිඟය වළක්වා ගනිමින්  රටට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබා දීමට ඉන්ධන නැව් 88කින් ආනයනයක කළ යුතු ඉන්ධන සඳහා  ඩොලර් බිලියන 04ක් අවශ්‍ය බව  බලශක්ති ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විසින් දැන්වීමත් සමග   ලබන සතිය තුළ වගකිවයුතු සියලු පාර්ශව සහිතව හදිසි රැස්වීමක් කැඳවීමට  ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඛණිජතෙල් නීතිග සංස්ථාව, විදුලි බල මණ්ඩලය, බල ශක්ති අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශයවල  ඉහළම  නිලධාරීන් සහ දේශපාලන නායකත්වයත් මහා  භාණ්ඩාගාර නිලධාරිනුත් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිය. .

මාසයක අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන්  පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90000ක්, ඩීසල් 150000ක්,   බොරතෙල් ටොන් 90000ක්  රටට අවශ්‍යව තිබේ.


ගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී   මේ මාසයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට ඩොලර් මිලියන 200 හිඟයක් පවතින බවත් එය  ලබා ගැනීමට  කැබිනට් අනුමැතියත් බලශක්ති ඇමතිවරයා විසින් ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අදාල යම් ඩොලර් ප්‍රමාණයක් මුදා හැරීමත් සමග වරායේ නැංගුරම් ලා තිබූ නැව් තුනක ඉන්ධන ගොඩබෑමට හැකි වූ නිසා මේ මාසය තුළ යම් පමණකට අර්බුදය සමහන් කරගත හැකි නමුත් පෙරවාරියේ දී යළි ඉන්ධන අර්බුදයක් පැමිනිය හැකි බව බලශක්ති ඇමතිවරයා කීවේය.

Exit mobile version