ලන්ඩන් ඉදන් ආව අය වෙනමම නිරෝධායනයට

නව කොවිඩ්-19 වෛරස ප්‍රභේදය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයෙන් මෙරට පැමිණෙන සියලුම ගුවන් යානා නවතා දැමීමට ජනාධිපති ගෝඨාභය මහතා තීරණය කරන අවස්ථාවේදී මෙරටට පැමිණෙමින් තිබූ ගුවන් යානයේ සියලුම දෙනා වෙනම නිරෝධායන ක්‍රමවේදයකට යොමුකළ බව කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුම දෙනා වෙනම හෝටලයක නවතා විශේෂිත ක්‍රමවේදයකට අනුව නිරෝධානයට යොමු කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

මෙතෙක් කලක් ගුවන් යානා පැමිණීමේදී කාර්යමණ්ඩලයේ නිරෝධායන ක්‍රමය වෙනම වැඩපිළිවෙළක් යටතේ සිදු වූ ද බ්‍රිතාන්‍යයෙන් ආ ඒ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයද මගීන් සමගම එකම ස්ථානයක රඳවා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව හමුදාපතිවරයා පැවසීය.


ජනාධිපතිවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී අවස්ථාවේ දී මෙරටින් ගුවන්ගතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ද යළි පැමිණි පසු එහි සියලුම කාර්ය මණ්ඩලය ද වෙනම නිරෝධායනය ක්‍රමවේදයකට වෙනත් ස්ථානයකට යොමු කර ඇතැයි හමුදාපතිවරයා කීය.

මෙරට සෞඛ්‍ය අංශය පවසන පරිදි මහා බ්‍රිතාන්‍යයෙන් සොයාගත් නව වෛරස් ප්‍රභේදය දැනට පවතින වෛරසයට වඩා 70% ක වැඩි අගයක් ගන්නා බැවින් එරටින් පැමිණි පුද්ගලයන් දින 14ක් අනිවාර්ය නිරෝධායනයට යටත්කර තවදුරටත් නිවාස නිරෝධායනයට ලක් කිරීමට ද අපේක්ෂා කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් පවතින තත්වය යළි සලකා බලා තීන්දු තීරණ ගන්නා බැවින් ඉදිරියේදී නිරෝධායන ක්‍රමවේද පිළිබඳ තීරණ වෙනස් විය හැකි බවද හමුදාපතිවරයා පෙන්වා දුන්නේ ය.

Exit mobile version