ලංකා සහල් නිශ්පාදකයන්ගේ සංගමයත් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ඉදිරිපත් කරයි.

ඉල්ලන මිල දෙන්න... රටේ සහල්වලින් බියර් හැදීම නවත්වන්න... හිඟයක් නැතිව සහල් දෙන්නම්...

සංගමයේ ලේකම් ඩබ්ලියු.ඩී.කේ මුදිත් පෙරේරා

මනම්පිටිය – නිමල් ජයරත්න –

රජය මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හමුවේ සහල් ආනයනය කිරීම වහාම නරත කරන ලෙසත් නිශ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙපාර්ශවයම ආරක්ෂා වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන ලෙසත් එසේ පනවනවා නම්  පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීමේ හැකියාව තමන් සතුව ඇති බවත් ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය අද (28) සවස 3 ට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

පොලොන්නරුව සේවාගම ප්‍රදේශයේ දී මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

සහල් ආනයනය නොකර කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 105ක් ද, නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 110ක් ද, සම්බා කිලෝවක් සඳහා රුපියල් 130ක් ද,  කිරී සම්බා කිලෝවක් සඳහා රුපියල් 160ක මිලක් ද   තමන් රජයට ඉදිරිපත් කරන බව  ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය පැවසුවේය.


මෙහිදී අදහස් දැක්වූ සංගමයේ ලේකම් ඩබ්ලියු.ඩී.කේ මුදිත් පෙරේරා කීවේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා රජයට ඩොලර් මිලියන 40ක් වැය වන  බවත් එම සහල් ප්‍රමාණවත් වන්නේ සති දෙකකට පමණක් බවත්ය.

මෙහිදී අදහස් දැක්වූ ලංකා සහල් නිශ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ ජයවික්‍රම සඳහන් කළේ රජය වී ගොවියාත් සහල් නිශ්පාදකයාත්, පාරිභෝගිකයාත් රැකගන්නා වැඩපිළිවෙළකට යනවා නම් සහල් ආනයනය කිරීම ඊට විසඳුමක් නොවන බවය.

තම සංගමය ඉල්ලා සිටින සහල් මිල සඳහා උරිම සිල්ලර මිල පනවා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ නම්   කිසිදු හිඟයකින් තොරව සහල් සැපයීමට සුදානම් බව සභාපතිවරයා කීවේය

මෙම තත්වය යටතේ දැනට ලංකාවේ වැසී ඇති සහල් මෝල් 750ක ප්‍රමාණය යළි ක්‍රියාත්මක කිරීමට හැකිවන බව ද සභාපතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද බියර් නිශ්පාදනය සඳහා ලංකාවේ සහල් යොදා නොගන්නා ලෙස ද ඉදිරියේදීත් සහල් පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව සහල් ලබාදීමට නම් තම ඉල්ලීම  ඉටු කිරීමට මැදිහත් වන ලෙස ද ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version