ලංකා රෝහලට බෝම්බව තැබුවේත් මම…  දේවස්ථානයට බෝම්බය තැබූ සැකකරු කියයි!

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබූ සිද්ධියට   සැකපිට පිළියන්දල පදිංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක්  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගිය 11 දා පල්ලියට බෝම්බ තැබූ සැකකරු ඇඹිලිපිටියේ දී  අත්අඩංගුවටගෙන පොලිස් භාරයේ රඳවාගනිමින් සිදුකළ    ප්‍රශ්නකිරීම් වලදී මෙම  විශ්‍රාමික වෛද්‍යවරයා   අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මුලින්ම පොලිසිය කීවේ පසුගිය 15 වැනිදා ඇඹිලිපිටිය පනාමුරේදී අත්අඩංගුවටගත් මෙම බෝම්බකාර පුද්ගලයා   මුස්ලිම් පුද්ගලයෙක් විසින් රුපියල් 50000කට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත  එම බෝම්බය තමා පල්ලියේ තැබුවේ යැයි ඔහු ප්‍රකාශ කරන බවය.


එසේම නාරාහේන්පිට රෝහල් බෝම්බය  රැගෙන ආවේත්, එම  බෝම්බය ඇටවූයේත් තමා බව ඔහු පවසා තිබුණේ යැයි පොලිසිය කීවේය..

එහෙත් දැන් ඔහු කියන්නේ අත්අඩංගුවට ගත් පිළියන්දල දොස්තර තමාට ලබාදුන් උපදෙස් මත එම බෝම්බ දෙක තැබූ බවකි.

එහෙත් අත්අඩංගුවට පත් වෛද්‍යවරයා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. බෝම්බය තැබූ පුද්ගලයාව තමා දන්නා කියන බවත් තමාගේ පිළියන්දල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරක්ෂකයෙක් ලෙස කටයුතුකර ඇති බවත් වෛද්‍යවරයා පවසා ඇත.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මේ වන විට මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන අතර   නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ බෝම්බකරු පොලිස් විමර්ශන නොමග යැවීමේ අරමුණින් එකිනෙකට පරස්පර තොරතුරු ලබාදෙමින් සිටින බවකි.

වෙනත් අපරාධකරුවන් මෙන් ඔහු කිසිදු බියක් දක්වන්නේ නැති බවත් සැහැල්ලුවෙන් සිටින බවත් විමර්ශකයන්ට පෙනී ගොස් ඇත.

නාරාහේන්පිට බෝම්බය මෙම පුද්ගලයා තැබුවේයැයි පවසන බැවින් එය සනාථකර ගැනීමට එම රෝහලේ ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාවක් මේ වන විට ආරම්භකර ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් නාරාහේන්පිට බෝම්බයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය එම බෝම්බය සොයාගත් පළමු පැය 48 තුළ ප්‍රකාශ කරනු ලැබීය.

අත්අඩංගුවට ගත් බව සඳහන් ආයුධ

බෝම්බය එහි තැබූ පුද්ගලයාද ඒ අතර සිටින බව කීවේය.

කෙසේ වෙතත් සැකකරුගේ තොරතුරු මත අත්අංගුවට ගත් පිලියන්දල වෛද්‍යවරයාගේ නිවසේ තිබී පිස්තෝල හතරක්, රිවෝල්වර දෙකක්, කඩු දෙකක්, රම්බෝපිහියක් හා හඳුනා නොගත් ගිනි අවියක්  හමුවූ බව පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිටපත වැරදුනා ද ?

Exit mobile version