පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගැසීමට එරෙහි විරෝධය මහින්දට පෙන්වන්න ඉතාලි ශ්‍රී ලාංකිකයෝ සැරසෙති…

මේය රට දැන් පත් වී ඇති තත්වයත් කල්පනා කර සිදු කරන සංකේත විරෝධතාවයක් පමණයි... සංවිධායකවරු කියති...

ඉතාලියේ බොලොඤ්ඤෝහි දී  අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව විරෝධතා ව්‍යාපාරය තව ස්වල්ප වෙලාවකින්  ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති  බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සාධාරණයක් ඉටු නොකිරීමට එරෙහිව ඉතාලියේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

දහස් ගණන් විරෝධතාවයට සහභාගී වීමට සැලසුම් කර තිබුණත් පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ  කළු කොඩි ඔසවා දෙසීයක  සීමිත ජන සහභාගීත්වයකින්  බොලඤ්ඤෝ හි මෙම විරෝධාතාවය පවත්වන බව එම ආරංචි මාර්ග කීවේය.


ඒ සඳහා පොලිසියෙන් අවසර ලබාගෙන තිබේ. ඊයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපලින් පිටවී එන විට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්   ස්වකීය විරෝධතාවය පල කර ඇතැයි වාර්තා වේ.

“ රට ලොකු අර්බුදයක. පාලකයන්ගේ දුෂ්ටකම්වලට රට පලි නෑ. ඒ නිසා අපි දැඩි ලෙස ඉවසනවා. රට ගැන හිතලා  මේ විරෝධතාවය පවත්වන්නෙ සංකේතාත්මකව.  එහෙත් මේ අවසාන ඉවසීම විය හැකියි. මීට පසු එන විරෝධතා මීට වඩා ඉතාම ප්‍රබල වේවි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විරෝධතාවය සංවිධානය කළ සංවිධායකවරු ලංකාසරට පැසූහ.

 

Exit mobile version