ලංකාව කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් කරගන්න ඉන්දියාවට ඉඩ දෙන්න එපා… PHI ලා කියති…

සියලුම යුරෝපා රටවලට ඉන්දියානුවන්ගේ පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කර   තාවකාලික ගමන් තහනම් දැමීමත් සමග ලංකාවේ දින 14ක් නිරෝධායනය වී යුරෝපයට ගමන් කිරීමට අපේක්ෂාවෙන් මෙරටට පැමිණෙන ඉන්දියානු ජාතිකයන් නිසා හෝටල් කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවකයන්ගේ ජීවිත බරපතල කොවිඩ් අවදානමකට ලක්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති සභාපති උපුල් රෝහණ පවසයි.   

ඔවුන්ගේ කොවිඩ් අවදානමට වංගු ගැසීම සඳහා ලංකාව තෝරාගැනීමට ඉඩ හැරීමත් බරපතල තත්වයක් බව එම සංගමය පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායන අපේක්ෂාවෙන් පවතින තත්වය තුළ ඉන්දියානුවන්ට ඇතුළු වීමට ඉඩ හැරීම රජයක් ලෙස මැදිහත් වී වැළැක්විය යුතු බවට එම සංගමය පවසයි. එසේ නොවුනහොත් මේ වනවිට අප මුහුණ දී ඇති අවදානම් තත්වයේ කෙළවර අතිශය බිහිසුුණු විය හැකි බව ද එම සංගමය පෙන්වා දෙයි. 


Exit mobile version