ලංකාවේ සරසවි අතර පේරාදෙණිය පෙරමුණට

ආසියාවෙනුත් 198 වැනි තැනට

ලොව හොදම විශ්ව විද්‍යාල පන්සියය අතරට පත්වු ලංකාවේ එකම විශ්ව විද්‍යාලය පේරාදෙණිය විශ්ව විද්‍යාලයය.

ආසියාතික විශ්වවිද්‍යාල අතරින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය එකසිය අනු අටවැනි තැනට පත්ව තිබේ.
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වර්ගී කරණයට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ශ්‍රි ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය ලෙස ද නම් කොට තිබේ.

QS ශ්‍රේණිගත කිරිම්වල අනුව මෙරට විශ්ව විද්‍යාල අතර දෙවන ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලය වන අතර තෙවන ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයටත් සිව්වැනි ස්ථානය යාපනය විශ්ව විද්‍යාලයටත් පස්වැනි ස්ථානය ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමි ව තිබේ.


The times hugher education ආයතනය මගින් 2020 වසර සදහා වන ලෝකයේ හොදම විශ්ව විද්‍යාල වර්ගීකරණයට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය හොදම විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබේ.

ලොව විශ්ව විද්‍යාල වර්ගීකරණය කිරිමේ ක්‍රියාවලිය සදහා නියුතුව සිටින්නේ වෙබෝමෙට්‍රික් , කියු එස් සහ ද ටයිම්ස් හයර් එඩ්‍යුකේෂන් යන ආයතන ත්‍රිත්වය වේ. මේ අතරින් කියුඑස් සහ දටයිම්ස් හයර් එඩ්‍යුකේෂන් සදහා ඉල්ලුම් කල යුතු අතර වෙබොමෙට්‍රික් ආයතනය සදහා ඉල්ලුම් කලයුතු නැත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙබෝමෙට්‍රික් වර්ගිකරණය යටතේ ද දෙදහස් විස්ස ජනවාරි මාසයේ දි හොදම විශ්ව විද්‍යාල පස්සියය අතරට පැමිණ තිබිණි.

මෙම වර්ගීකරණයේදි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව , විශ්ව විද්‍යාලයේ දෙපාර්තමේන්තු සංඛ්‍යාව පීඨ සංඛ්‍යාව පාඨමාලාවල ගුණාත්මක භාවය ද සුදුසුකම් සහිත ගුරුවරු ආචාර්යයවරු සහ මහාචාර්යයවරු සංඛ්‍යාව පිළිබදව සලකා බැලිමක් සිදු කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල වර්ගීකරණය සම්බන්ධයෙන් නිර්නායක වන්නේ විශ්ව විද්‍යාලය තුල සිදු කෙරුණු පර්යේෂණ සහ ඒවා සගරා ලෙස හෝ පර්යේෂණ වාර්තා ලෙස ලිඛිතව ලෝකයේ සෙසු රටවල් වෙත යොමුකර තිබේද? එම පර්යේෂණ වාර්තා ලෝකයේ විවිධ විද්‍යාඥයින් මගින් කොපමණ පරිශීලනය කර ඇත්ද යන කරුණු පිළිබදව පර්යේෂණ කර ඇතිබව ත් ඒ සියල්ල මත පේරාදෙණිය විශ්ව විද්‍යාලය හොදම විශ්ව විද්‍යාලය බවට පත් ව ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්යය උපුල් බී දිසානායක මහතා පැවසීය.

Exit mobile version