ලංකාවේ ලොකුම කෝටිපතියාත් ලෝකයේ ලොකුම කෝටිපතියා යන පාරට හැරෙයි

නැනෝ තාක්ෂණ ආයතනය සමඟ ග්‍රැෆීන් සමාගමකට ආයෝජනයක්

ශ්‍රි ලංකාවේ අංක එකේ කෝටිපතියා ලෙසින් සැලකෙන ඉෂාර නානායක්කාර මහතාගේ බහුතර කොටස් අයිතිය යටතේ ඇති ලංකා ඔරික්ස් ලීසං සමාගම මේ වනවිට දේශීය මිනිරන්වලින් නූතන මෝටර් රථ සහ බලශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන ග්‍රැෆීන් නිෂ්පාදන සමාගමක් ආරම්භ කර ඇත.

ශ්‍රි ලංකා නැනො තාක්ෂණ ආයතනයේද හවුල්කාර ව්‍යාපෘතියක් සෙ ආරම්භ කළ සිලෝන ග්‍රැෆීන් ටෙක්නොලොජීස් නම් මෙම ආයතනය මේ වනවිට තම නිෂ්පාන කටයුතු ආරම්භ කර ඇත. රාගෙදර කහටගහ, බෝගල ආදි දේශීය මිනිරන් පතල්වලින් ලබා ගන්නා මිනිරන් උපයෝගී කරගෙන මෙම ග්‍රැෆීන් නිෂ්පාදනය කිරිමට කටයුතු කරයි.

ගැෆීන් යනු කාබන් අඩංගු සංයෝගයක් වන අතර එය නූතන මෝටර් රථ බැටරි නිෂ්පාදනයේදී, සූර්ය පැනල නිෂ්පාදනයේදී සැහැල්ලු සන්නායක නිෂ්පාදනය ඇතුළු කර්මාන්ත රැසකට උපයෝගී කර ගැනෙන මිල අධික ද්‍රව්‍යයකි.


මේ සඳහා ශ්‍රි ලංකාවේ මිනිරන් ඉතාම සුදුසු බව පැවසෙන අතර දැනට අමුදුව්‍ය ලෙස යැවෙන මිනිරන් මෙසේ ගඅය වැඩි කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව සිලොන් ග්‍රැෆීන් සමාගම පවසයි. මිනිරන් කිලෝ ග්‍රැමයක් සාමාන්‍ය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 1.3ත් 2ත් අතර වන අතර ග්‍රැෆීන් කිලෝග්‍රෑමයක් ඇමෙරිකානු ඩොලර් 3000ක් පමණ වෙයි. මේ අනුව අනාගතයේදී ශ්‍රි ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමටත් ලොක්යේ දියුණු වෙමින් පවතින නව තාක්ෂණයන්හි තීරණාත්මක හවුල්කරුවකු වීමට ශ්‍රි ලංකාවට හැකි වේ.

ලංකා ඔරික්ස් ලීසිං බහුතර කොටස් හිමිකම ඇති ඉෂාර නානායක්කාර මහතා ද ඉෂාර ට්‍රේඩර්ස් මෝටර් රථ අලෙවි ව්‍යාපාරය සමඟ ව්‍යාපාර ලෝකයේ කතා බහට ලක්වන චරිතයක් බවට පත්වූ අතර ලොක්යේ මේ වනවිට පළමු පෙළේ ධනවතා වන එලොන් මස්ක්ද ටෙස්ලා විදුලි රථ සමඟ තම නම පතල කර ගත් ධනපතියෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එලෝන් මස්ක් ද ඔහුගේ ආයෝජනයන් වැඩි වශයෙන් නව තාක්ෂණයන් සහ නව බලශක්ති ව්‍යාපෘති සඳහා සිදු කරන අතර ඉෂාර නානායක්කාර ගේ මෙම ආයෝජනයද ඔහු ද නව තාක්ෂණ රැල්ලයට අනුගත වූ ආයෝජනයක් සේ ව්‍යාපාර ලෝකය දකී.

Exit mobile version