ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය කරන්න එපා… තමිල්නාඩු රජය ඉන්දීය ධීවරයින්ට උපදෙස් දෙයි…

ලංකාවේ ධීවරයින් සංවිධානාත්මකයි... ප්‍රහාරයක් එල්ල විය හැකියි... ප්‍රශ්න විසඳනකම් ගැටුම්වලට යන්න එපා යැයි කියයි!

Indian-fishing-boat-

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා ගොස් මසුන් මැරීමෙන් වළකින ලෙසට ඉන්දියාවේ තමිල්නාඩු රජය  තමිල්නාඩූ  පොලීසිය හරහා  18 දා දැණුම් දී තිබේ.

ඉන්දීය ධීවරයින්ට එරෙහිව උතුරේ ධීවරයින් මේ දිනවල දැඩි ලෙස සංවිධානය වී සිටීම නිසා උතුරේ ධීවරයින්ගෙන් ඉන්දියානු ධීවරයින්ට යම් ප්‍රහාරයක් එල්ල විය හැකි නිසාත්  දැනට ශ්‍රී ලංකා අත් අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් පිරිස බේරා ගැනීමේ කටයුතු වලට සහය ලබා දීමක් වශයෙනුත් මුහුදු සීමා  උල්ලංඝනය කරමින් මසුන් මැරීමෙන් වළකින ලෙස  තමිල්නාඩු පොලීසිය උපදෙස් දී තිබේ.

දෙරටම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කොට යම් විසඳුමක්ලබා ගන්නා තුරු ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය නොකරණ ලෙසත් මුහුදේ දී  ශ්‍රී ලාංකික ධීවරයින් සමග  අනවශ්‍ය ලෙස ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් තමිල්නාඩු පොලීසිය  සියලුම ඉන්දීය ධීවරයින්   වෙත දැණුම් දී තිබේ.


මේ අතර  මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා කලාපය ඉතා සංවේදී මුහුදු කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරමේ සිට රාමේෂ්වරම් දක්වා මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින්  තහනම් ධීවර උපකරණ භාවිතා කරමින් ධිවර කර්මාන්තයේ නියැලීම නිසා ඩොල්ෆින්, නිල් තල්මසුන් සහ කැස්බෑවන් වැනි මුහුදු ජීවීන්ට ඉන් විශාල බලපෑමක් සිදුවන බවට පරිසරවේදීන්  නිතර නිතර පෙන්වා දීම නිසා මේ තීරණය ගෙන තිබේ.

Exit mobile version