ලංකාවේ ආනයන සීමා ගැන යුරෝපා තානාපතිගෙන් අනතුරු ඇඟවීමක්

ජී.එස්.පී සහනය ගැන සුබ ලකුණක්

ශ්‍රි ලංකාව මේ වනවිට යුරෝපා සංගම ඇතුළු රටවලින් සිදුකරන ආනයන සීමා කර ඇති බවත් මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ශ්‍රි ලංකාවෙන් සිදු කරන අපනයන වැඩි කරන ලෙස යුරෝපීය වෙළෙඳ ප්‍රජාව කෙරෙහි බලපෑම් කිරීමට තමන්ට අපහසු වන ඇති බවට යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තානාපති ඩෙනිස් චයිබි (Denis Chaibi) අනතුරු අඟවයි.

අද ඩේලි මිරර් පුවත් පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු සඳහන් කරන්නේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ තාවකාලිකව මෙය පිළිගත හැකි ත්තත්වයක් වුවද දිගින් දිගටම යුරෝපා නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමේ සීමාවන් ඇති වුවහොත් ශ්‍රි ලංකාවේ නිෂ්පාදන යුරෝපා වෙළෙඳපොළ වෙත වැඩි වැඩියෙන් ලබා ගන්නා ලෙසට තමන්ට බලපෑම් කිරීමේ හැකියාව දුර්වල විය හැකි බවයි.

ඩේලි මිරර් පුවත් පතේ කැලුම් බණ්ඩාර විසින් මෙහෙයවන ලද මෙ සම්මුඛ සාකච්ඡාවේදි ඔහු තවදුරටත් පවසා ඇත්තේ 2019 වසරේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4000 ඉක්මවූ ඉහළ මැදි ආදායම් ලබනව රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කරන ලද ශ්‍රි ලංකාව මෙම වසරේ යළිත් එම සීමාවෙන් පහළට වැටී පහළ මධ්‍යම ආදායම් සහිත රටක් බවට පත්ව ඇති තත්ත්වයක් තුළ GSP ප්ලස් අපනයන තීරු බදු සහනය ලබා ගැනීමේ හැකියාව පවතින බව පෙනී යන බවය.


“ ශ්‍රි ලංකාව කොවිඩ් අර්බුදයෙන් පසුව ලෝක බැංකුව රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4000 ට අඩු පහළ මැදි අදායම් ලබන රටක් ලෙස නම් කර තිබෙනවා. මේ තත්ත්වය 2021 වසරේදීත් පැවතුණහොත් ඉදිරි වසර තුන සඳහා යුරෝපා සංගමයේ රටවල් වෙත ශ්‍රි ලංකා භාණ්ඩ අපනයනය සඳහා වන තීරු බදු සහනය ලැබිය හැකියි. කොහොම වුණත් ශ්‍රි ලංකාවට මෙම සහනයේ ප්‍රයෝජන ලබා ගැනීමට තවත් විශාල විභවයක් තිබෙනවා. මේ වන විටත් ශ්‍රි ලංකාව යුරෝපා සංගමයෙන් ලබා දෙන සහනයෙන් ප්‍රයෝජන ගන්නේ සියයට 60ක් විතරයි. මෙම සහනය ලබාගෙන තවත් විශාල වාසියක් ශ්‍රි ලංකාවෙන් යුරෝපයට යැවීමේ හැකියාව තිබෙනවා. බංග්ලාදේශය වගේ රටවල් මෙම ජී.එස්.පී ප්ලස් සහනයයේ වාසිය සියයට 90ක් විතරම ලබා ගන්නවා.“ යයිද සඳහන් කර ඇත.

එසේම ආසියානු රටවලට වැඩි සහයොගීත්වක් කේනද්‍රීය වූ විදේශ ප්‍රතිපත්තියක පිහිටන බවට නව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ශ්‍රි ලංකාවේ භූ විද්‍යාක්මක පිහිටීම සහ සෙසු සාධක සැලකීමේදී ශ්‍රි ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ආසියානු කේන්ද්‍රිය වීම ස්වාභාවිතක බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසියානු කලාපය තුල විශේෂයෙන් චීනය සහ ඉන්දියා ජන ව්‍යාප්තිය පිළිබඳව බැලුවද කිසිවකුට නොදෙවෙනි බවත් එවැනි රටවල් සමඟ වැඩි නැඹුරුවක් සහිතව යුරෝපා සංගමය ඇතුළුව ලෝකයේ වෙනත් ජාතීන් සමඟද සහයොගීතාවකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදී යුරෝපා සංගම් තානාපතිවරා අවධාරණය කර ඇත.

Exit mobile version