ලංකාවට එන කුඩු අල්ලන්න ජාත්‍යන්තර ඔත්තු සේවාත් එක්වෙයි

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්‍යාලයට ලැබෙන සියුම් තොරතුරු උපයෝගී කරගෙන මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් දියත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවය මෙම ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමට සැලසුම් කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය අපරාධ කාර්යංශය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන ආකාරය සහ එයින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ආකාරය පිළිබඳ චන්ද්‍රිකා මාර්ගයෙන් සහ වෙනත් සූක්ෂම බුද්ධි සේවාවන් හරහා ලබාගන්නා තොරතුරු ශ්‍රී ලංකාව සමග හුවමාරු කිරීමට බලාපොරොත්තු වෙයි.

ඔවුන්ගේ තොරතුරු පදනම් කරගෙන මෙම මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇත.


මේ පිළිබඳ සාකච්ඡා වට කීපයක් පසුගිය සති කිහිපය තුළදී අදාල බලධාරීන් අතර සිදුව ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ මත් ද්‍රව්‍ය හුවමාරු කෙරෙන තීරණාත්මක පානයක් බවට පවතින නිසා බව වාර්තා වේ.

ජාත්‍යන්තර බුද්ධි සේවාවලට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් ගෙන්වන විශාල මත්ද්‍රව්‍ය තොග ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව මෙන්ම දකුණු අප්‍රිකාව වැනි රටවලට ද හුවමාරු කිරීම සඳහා මධ්‍යස්ථානයක් ලෙස සහ ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මෙහෙයුම ඉදිරි සති කිහිපය තුළදී දියත් කෙරෙනු ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version