ලංකාගම මිනිසුන්ගේ පැත්තේ ජනපති හිටගනී… සිංහරාජ පාරේ දිගටම වැඩ …

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිංහරාජය ආශ්‍රිතව නෙළුව ලංකාගම දක්වා ඉදිවෙන මාරගයේ කටයුතු පරිසර හානියක් නොවන ආකාරයට මාස තුනක් ඇතුළත නිම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාපක්ෂ අද නිලධාරින්ට උපදෙස් දුන්නේය.
පසුගිය දිනවල දැඩි ආන්දෝලනයට ලක් වූ නෙළුව – ලංකාගම මර්ගය ඉදිරකිරිම් හා එමගින් පරිසර හානයක් සිදුවෙනවා ද නැද්ද යන්න පිළිබඳව සොයා බැලිම සඳහා ජනාධිපතිවරයා  හෙළිකොප්ටරයකින්  එම ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරවාරයේ දි මෙම උපදෙස් ලබා දෙන ලදී.
මෙම මාර්ගය ඉදිරකිරීමෙන් ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට දැඩි හානියක් සිදුවකන බවට පසුගිය දිනවල දී පරිසර සංවිධාන ගණනාවක් දැඩි විරොධතාතවයක් පළ කරනු ලැබීය.
කෙසේ වෙතත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ සංචාරයෙන් පසුව නෙළුව වාරුකන්දෙනිය ලංකාගම හරහා දෙණියාය මර්ගයේ කිලෝමීටර ්‍ර8ක් සංවර්ධනය කිරීමෙන් සිංහරාජය හරහා ඇති කිලෝමීටර 1යි මීටර 100ක පරිසරයට හානියක් නොවන පරිමි ඉදිකිරීමි සඳහා උපදෙස් ලබා දී ඇත.
මෙම මාර්ගයේ වැඩකටයුතු කරගෙන යෑමේ දී රජයේ අදාල සියලුම නිලධාරීන්ගේ අවධානය හා අධීක්ෂණය ඒ සඳහා යොමු කළ යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙම අවස්ථාවට අදාල රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.

Exit mobile version