රෝහලේ බඩු සොරකම් කළ කොවිඩ් රෝගීන් 04ක් රක්ෂිත බන්ධනාගාරයට

වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන පුනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකා ලැබ   මුදාහැරීමට නියමිතව  සිටි පුද්ගලයන් 04 දෙනෙක්  ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ හා වෙනත් උපකරණ තොගයක් සොරකම් කිරීමේ වරදට  වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.

මෙම පුද්ගලයන් සිවු දෙනා ප්‍රතිකාර  කාල සීමාව නිමා කර පසුගිය 12 වැනිදා රෝහලින් මුදා හැරීමට නියමිතව තිබිණි. ඒ අවස්ථාවේ දී රෝහල් වෛද්‍යවරයා වාලච්චේන පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ මේ තැනැත්තන් රෝහලේ දේපල ලෙස පැවති විදුලි උපකරණ ඇතුළු උපකරණ තොගයක් සොරකම්  කර ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගෙන මේ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව අධිකරණ නියෝග මත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


Exit mobile version