රෝහල් ඕවර්සියර් සුළු සේවකයාගෙන් අල්ලස් ගනිද්දී මාට්ටු

අක්කරපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයකු අද පෙරවරුවේ එම රෝහලේම සෞඛ්‍ය සේවා සහයකයකු ගේ ස්ථාන මාරුවක් සිදු කර දීම සඳහා වූ කටයුත්තට රුපියල් 10,000ක අල්ලසක් ලබා දෙද්දී එම රෝහල ඉදිරිපිට දීමඅල්ලස්හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩගුංවට ගනු ලැබීය.

මෙම සෞඛ්‍ය සේවා සහයකයා හදිසි අනතුරු ඒකකයේ රාජකාරි සඳහා යොදවා තිබූ අතර ඔහු මීට පෙර රාජකාරී කළ සායනයට යළිත් අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලබා දීම සඳහා මෙම සුළු සේවා පාලකවරයා (ඕවර්සියර්) රුපියල් 15,000ක අල්ලසක් ඉල්ලා ඇත.

එය රුපියල් දස දහසක් ලෙස එකඟ වී අද පෙරවරුවේ 9.55ට පමණ ඔහු වෙත ලබා දෙන අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අක්කරපත්තුව අධිකරණය වෙත අද දින ඉදිරිපත් කිරීමට නියමිතය

Exit mobile version