හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ, මරණීය දණ්ඩනයට ලක් කර සිටි කුප්‍රකට රෝයල් පාර්ක් ඝාතකයා වූ ජූඩ් ශාමන්ත ජයමහ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
මහජන ආරක්ෂක ඇමතිවයා පවසන්නේ නීතිපති උපදෙස් මත මේ සම්බන්ධව කටයුතු කිරීමට බලාපොරොත්තු වනබවය.
2005 වසරේ ජූලි මස 1 වැනිදා රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාර සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීරණය කළේය.
මෙම තීරණයෙන් අගතියට පත් වූ පෙස්සම්කරුට හා ඝාතනයට ලක් වූ තරුණියගේ මවුපියන්ට රුපියල් ලක්ෂ දහය බැගින් ලක්ෂ තිහක වන්දි ගෙවීමටද අධිකරණය මෛත්‍රිපාල සිරිසේනට නියෝග කළේය.
මරණ දඬුවමින් නිදහස් කිරීමෙන් පසු විත්තිකාර ජයමහ නැමැත්තා විදේශගතවිය. දැනටමත් ඔහු සිටින්නේ විදේශයක බව වාර්තා වේ.