රෝගියෙකුගේ මවක් වෙනුවෙන් අඹන්පොල කොවිඩ් රෝහලේ තැබූ පාංශුකූලය…

සිය මවකගේ හදිසි අභාව නිසා අවසන් කටයුතු වලට සහභාගී වීමට නොහැකි වූ අඹන්පොල කොවිඩ් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින කොවිඩ් ආසාදිත පුතාට   මව වෙනුවෙන් විශේෂ පාංශුකූල පින්කමක් සංවිධානය කර දුන්   ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයෙක් ගැන පුවතක් අඹන්පොල කොවිඩ් රෝහලින් වාර්තා වේ.

වර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ආසාදිතයා 52 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කොවිඩ් ආසාදිතව අඹන්පොල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින විට නිවසේ සිටි වියපත් මව   මිය ගොස් තිබිණි. අවසන් කටයතු පැවතුනේ අද  (31)ය.


ඊට සහභාගී වීමට ඇති සියලුම ඉඩකඩ ඇහැරී තිබුණු නිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී  මහින්ද උයන්ගොඩ ගේ මූලිකත්වයෙන් රෝහල් කාර්ය මණ්ඩලය රෝහලට නුදුරු උඩංගාව ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ හිමිනමක් ගෙන්වා විශේෂ පාංශු කූල පින්ම සංවිධානය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ස්වාමීන් වහන්සේ කොවිඩ් රෝලහට වැඩම කර එම ආගමික වතාවත් කළහ. මේ ඡායා රූප පෙළ පෙන්වන්නේ පින්කම එය පැවති ආකාරයය.

Exit mobile version