රොහාගේ ළඟම මිතුරකුගේ වෙස් ගත් අංජුගේ ඔත්තුකරු වස්කඩුවේදී අත්අඩංගුවට

පසුගියදා පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ පාතාල අපරාධකරුවකු ලෙස සැලකෙන රත්මලානේ රොහා නැමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔත්තු බැලීම සඳහා රොහාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රත්මලානේ අංජු විසින් යොදවා තිබූ ප්‍රධාන පෙළේ ඔත්තුකරුවකු ඊයේ වස්කඩුව ප්‍රදේශයේදී තවත් පුද්ගලයින් සය දෙනකු සමඟ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පසුගිය සැප්තැම්බර් 24 වැනිදා ඔහු ඝාතනයට ලක්වූ පොලිස් වැටලීමට ඔහු කොටු කර දීම වෙනුවෙන් රත්මලානේ අංජු විසින් රුපියල් කෝටි එක හමාරක් ඔහුට ලබා දී ඇති බවද අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

ඔහුද රත්මලාන බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවක වන අතර පාතාල සාමාජිකයන් අතර ඔහු ප්‍රසිද්ධ වී සිටියේ පොඩි මායියා ලෙසිනි. රත්මලානේ රොහා ගේ මිතුරකු සේ ඔහු සමඟ කලක පටන් ඇසුරක් ගොඩ නගාගෙන සිටින මෙම පුද්ගලයා ගේ ගමන් බිමන් සහ ක්‍රියාකාරකම් පිළිබඳව අංජු වෙත සියලු තොරතුරු ලබා දුන් බවට විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම පුද්ගලයා රොහා ඝාතනය විමට පෙර නුවරඑළිය ප්‍රදේශයේ ගිය අවස්ථා පිළිබඳව සී.සී.ටී.වී දර්ශන පවා තිබූ අතර මෙම සංචාරයටද රොහා සමඟ ඔහු එක්ව තිබේ. ඒ අනුව ඔහුගේ ගමන් බිමන් සියල්ල සහ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර ඇති අතර රොහා සමඟ ඇති කරගත් මිතුරුකම හේතුවෙන් ඔහු වෙත ටී 56 ගනි අවි තුනක්ද රොහා විසින් මෙම මායියා නැමැත්තාට ලබා දී ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම දැනට විදේශයක සිටම කටයුතු මෙහෙයවන අංජු නැමැත්තා මෙම මායියා නැමැත්තාගේ වැඩිමහල් සහොදරයා වන ලොකු මායියා නැමැත්තාද රොහා ඝාතනය සඳහා මුදලට යොදවා ඇති අතර වරක් ගල්කිස්ස උසාවිය තුළදී රොහා ඝාතනය කිරිමට ඔහු යොදවා තිබුණි. මේ වනවිට ඔහුද පසුවන්නේ බන්ධනාගාර ගතවය.

Exit mobile version