රොහාගේ මරණයේ ප්‍රීතිය ගල්කිස්ස කනත්තේ දී සමරන්න හැදූ 4ක් අත්අංගුවේ

සාදයට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායක ගොනාකෝවිලේ අංජුගේ සොයුරියත් ඇවිත්

කුඩු ජාවාරම්කාර පාතාල නායකයෙක් වූ ගොනාකෝවිලේ රොහාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රීතිය පල කරමින් ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් රත්මලාන තෙලවල අඟුලාන ආදී ප්‍රදේශවල සාද පවත්වා තිබෙන අතර ගල්කිස්ස කනත්තේ දී එවැනි සාදයක් පැවැත්වීමට සැලසුම් කළ සිව් දෙනෙක් පොලිසිය ඊයේ (25) සවස අත් අඩංගුවට ගත්තේය.

දෙහිවල පොලිසිය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ගොනකෝවිලේ රොහාගේ ප්‍රතිවරුද්ධ කල්ලි නායකයෙක් වෙන ගොනකෝවිලේ අංජු ගේ නැගනිය ඇතුළු පිිරිසකි.

මීට වසර 4කට පමණ පෙර රොහා විසින් පාතාල ක්‍රියාකාරිකයෙකු වන කුඩු අංජුගේ සහෝදරයා වූූ අසංග සිල්වා හෙවත් ලන්සියා වෙඩි තබා ඝාතනය කර තිබුණේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ දේහය ගල්කිස්ස කනත්තේ තැන්පත් කරන ලදී. මෙම  සාදය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ද සොහොන අසල දී ය. අත්අඩංගුවට ගත් සැකකරුවන්  සමග සංගීත භාණ්ඩ කීපයක් පොලිස් භාරයට ගෙන තිබිණි.

Exit mobile version