රොහලේ දී මිය ගිය කිළිනොච්චි යාචකයාගේ කිළිටි ඔලොගුවේ රුපියල් එක් ලක්ෂ තිස් දාහක්….

දිනසේන රතුගමගේ – 

කිළිනොච්චිය  රෝහලේදී මියගිය යාචකයෙකුගේ කිළුටු ගමන් මල්ලක් තුළ තිබී රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලක් රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඊයේ ( 7 )  සොයා ගෙන තිබේ.

කිළිනොච්චිය නගරයේ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත් වූ වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු හදිසියේම රෝගී වීමෙන් පසුව ඔහුව නගරයේ ත්‍රී රෝද රථ හිමියන් විසින් රෝහල් ගත කොට ඇත.

රෝහලේදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර රෝහල් සේවකයෝ මළ සිරුර රජයේ වියදමින් භූමදානය කරණ තුරු රෝහල් මෘත ශරීරාගාරයට යැවීමට පියවර ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාචක රෝගියා සතු බඩු බාහිරාදිය වෙනත් තැනකට යැවීම සදහා එකතු කළ අවස්ථාවේදී එම යාචකාගේ කිළුටු  බෑගයක් පරීක්ෂා කළ සේවකයින්ට බෑගය තුළ තිබූ මෙම මුදල හමු වී ඇත.

Exit mobile version