රොසැල්ලේ දුම්රිය අනතුරින් මිය ගිය තිදෙනා සිය දිවි හානිකරගත් හැටි හෙළි වේ !

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර දී  පියා මව පුතා ජිවිතක්ෂයට පත්වීම සියදිවි හානිකරගැනීමක් බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ උදැසන 11.45 ට පමණ මෙම තිදෙනා රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදි දුම්රියේ ගැටී මියගියහ.

ණය කරුවන්ගෙන් බේරීම සඳහා මෙම සියදිවි නසාගැනීම සිදුකරගෙන ඇති බවත්, මුලින්ම 75 හැවිරිදි පියාත්, දෙවනුව 65 හැවිරිදි මවත්, තෙවනුව 41 හැවිරිදි පුතාත් දුම්රියට පැන සිය දිවි හානිකරගත් බවට අනාවරණය වී තිබේ.


ඊයේ මෙසේ ජීවිතක්ෂයට පත් වී තිබුණේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත නව නිවාස සංකිර්ණයක පදිංචිව සිටි එස්.ෆැන්සිස් (70) (පියා) , පි.කමලාවති (65) (මව) , ෆැන්සිස් කුමාර්රාජ් (40)(පුතා) යන අයයි.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනා මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසරකට පමණ ප්‍රථම දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත නව නිවාස සංකිර්ණයේ කුලි පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිට ඇත.

දුම්රිය යන එන වෙලාව අහලා

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළඟා විමට ප්‍රථම එම තිදෙනා  රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් විමසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට ගමන් කල බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවයකන් පවසා තිබිනි.

මෙම  තිදෙනා දින 10කට  පමණ ප්‍රථම නිවාස වසා දමා නිවසින් බැහැරව ගොස් ඇති බවත්,  ඊයේ (09) දුම්රිය අනතුරකින් මියගොස් ඇති බවට තොරතුරු ලැබුණු ඔවුන් පදිංචිව සිටි පදිංචිව සිටි නිවාස අසල ජීවත් වූ අයෙක් කියා සිටියේ.

 

ණය බර

මිය ගිය පුතා කුළුබඩු වෙළදාමේ නිරතව සිටි අයෙකු බවත්, මිය ගිය පුතා විවාහ 04 ක් සිදු කරගෙන ඇති බවට තොරතුරු ලැබුණු බවත්, එසේ විවාහ වු කාන්තාවන් අවස්ථා කිහිපයකදිම මියගිය තරුණයා සොයගෙන නිවසට පැමිණි බවත්  ප්‍රදේශවාසීහු කියා සිටියහ.

ණයකරුවන්ගෙන් බේරිමට  මේ තිදෙනා දුම්රියට පැන සියදිවි හානි කර ගන්නට ඇති බවත්  ප්‍රදේශවාසිහු කීහ.

මුදල් වංචා සම්බන්ධයෙන් මිය ගිය පුතාට එරෙහිව දිඹුල පතන පොලිසියේද පැමිණිලි කිහිපයක් ප්‍රදේශවාසින් විසින් ගොනු ඇති බවත්   එසේ පොලිසියට පැමිණිලි කර විශාල පිරිසක් මියගිය පුතාව සොයා නිවසට අවස්ථා කිහිපයකදි පැමිණි බවත් දිඹුල පතන බෝගහවත්ත ප්‍රදේශවාසින් කියා සිටිහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය ඒ ඔස්සේ සිය විමර්ශන දියත් කර තබිණි.  එහිදී තහවුරු වී ඇත්තේ මෙම තිදෙනා දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවය

Exit mobile version