රූමත් ලඳුන්  මැදපෙරදි ධන කුවේරයන්ගේ  ලිංගික වහල් සේවයට විකිණු ගැහැණිය කොටු..

කීර්ති ප්‍රනාන්දු –

ඕමානය ප්‍රමුඛ මැදපෙරදිග රටවල්වල ධන කුවේරයන් වෙත ගෘහ සේවයේ යොදවන මුවාවෙන් ගණිකා සේවය සඳහා රූමත් ශ්‍රී ලාංකික කාන්තාවන් සපයන ජාවරමක් මෙහෙයවූ  මහියංගනය ප්‍රදේශයේ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියා පොලිසිය එක්ව කළ මෙහෙයුමකින්  අත්අඩංගුවට ගෙන තිබේ.

කේ.එම්. කුසුමාවතී නොහොත් සඳමාලි  නැමැති මෙම කාන්තාව කරනු ලබන මෙම මිනිස් ජාවාරම සම්බන්ධව මේ ජාවාරමේ ගොදුරු වූ වින්දිත කාන්තාවන් කලක සිට තානාපති කාර්යාලවලට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල කර තිබිණි. මේ ගැහැණියගේ ජාවාරම ගැන ජන මාධ්‍යය ද විටින් විටි හෙළිදරවු කළේය.

මෙම කාන්තාව ඕමානයේ ජීවත්වෙමින් සිට පසුගිය 25වන දා ලංකාවට පැමිණ තිබේ. එහිදී ඇය දින 14ක කාලයක් වව්නියාව ප්‍රදේශයේ කඳවුරක නිරෝධායනයට ලක් වෙමින් සිට ඇත.


ඒ තොරතුරුමත පදනම්ව කරන ලද විමර්ශනයකින් පසු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් මධුෂිකා වාසලගෙන් ලබා ගත් විශේෂ අධිකරණ නියෝගයක් මත නිරෝධානයනය නිමා කර පිටව ගිය ඇයව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරිම ආරම්භ කර තිබේ.

ඇය ලබා දුන් තොරතුරු අනුව ජවාරමට සම්බන්ධ  තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ. ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ වයස අවුරුදු 20 -40 අතර රූමත් කාන්තාවන් ඉහළ වැටුප් තලවලට රැකියාවන් සඳහා යොමු කරන බව කියමින් මෙම ජවාරම පවත්වාගෙන ගිය බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශසේවා නියුක්ති කාර්යාංශ පනතේ 61/2 යටතේ මෙය බරපතල වරදක් බවත්, මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බවත් විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය ලංකාසරට පැවසීය.

Exit mobile version