රුසියානු රතු චතුරස්‍රයේ නොනිමෙන  ගිනි සිළුව ශ්‍රී ලංකාවට!

රුසියාවේ මොස්කොව් නුවර ඇලෙක්සැන්ඩර් උද්‍යානය හේවත් රතු චතුරස්‍රයේ නොනිමිව දැල්වෙන පහන් සිළුවේ ගිනිදැල්ල පළමු වතාවට ශ්‍රී ලංකාවට ගෙනැවිත් දේශප්‍රෙමී යුද්ධයේදී මිය ගිය රතු හමුදාවේ සොල්දාදුවන් සිහි කිරීම පසුගියදා කොළඹ යුධ ස්මාරකය අභියසදී සිදුවිය.

රුසියානුවන් දෙවන ලෝක යුද්ධය සහ ශ්‍රේෂ්ඨ දේශප්‍රෙමී යුද්ධයෙදී නාසි ජර්මනියට එරෙහිව ලැබූ යුධ ජයග්‍රහණය සැමරීමට සමගාමීව මෙය සංවිධානය කර පැවතියේ ශ්‍රී ලංකාවේ රුසියානු මන්දිරයයි.

කොළඹ මහජන පුස්තකාලය අභියස පිහිටි රණවිරු ස්මාකරකය අභියසදී පැවති මෙම සැමරුම රුසියානු තනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතියේ ආරක්ෂ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු මෙරට ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙනි.

රුසියානුවන් ඇතුළු රතු චතුරස්‍රයට පැමිණෙන ලොව වටා ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වන මෙම ගිනි සිළුව මෙරටට ගෙන එනු ලැබුවේ රුසියාවේ ප්‍රකට නළුවෙකු වන සාස්ලාන් ෆිදාරෝෆ් ය.


රතු හමුදාවේ සොල්දාදුවන් සිහි කරමින් එවකට සෝවියට් සමුහ ආණ්ඩුවට අයත්ව පැවති රටවල් කරා මෙම ගිනි සිළුව රැගෙන යාම මුලින්ම ඇරඹියේ මීට වසර හතකට ඉහතදීය.

වර්තමානයේදී එය රුසියාවට හිතැති රටවල් කරාද රැගෙන යාම ආරම්භ කර තිබෙන්නේ එරට ජනතා පෙරමුණේ දේශප්‍රෙමී ක්‍රියාකාරකමක් ලෙසය.

ඒ අනුව මෙම යුධ ස්මරණයේ නොනිමි පහන්සිල ලෝකය පුරා කිලෝ මීටර් 75715 දුරක් මේ වසරේදී රැගෙන යන්නේය. එයින් කිලෝමීටර් 14455 අයත් වන්නේ ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යන්ටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම යුධ ජයග්‍රහණ ස්මරණ වැඩසටහන යටතේ සදා නොනිමි ගිනි සිළුවෙන් ලබා ගන්නා කුඩා ගිනි සිළු රටවල් දහතුනක සිටින දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ සොල්දාදුවන් වෙත ලබා දීමද සිදුකරන්නේය.

Exit mobile version