“රුපියල් 5000ට දරුවන්ගේ අනාගතය පාවාදෙන්න එපා”

- පොහොට්ටු මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි

රුපියල් 5000ට 7000ට 12,000ට මේ ජාතියේ අනාගතය පාවා දෙන්න සූදානම් ‍නොවන්නැයි ද ස්ටාලීන්ට ඕන විදිහට තමන්ව පාලනය කරන්න දෙන්න එපා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුටිටිආරච්චි   ගුරු-විදුහල්පතිවරුන් ආයාචනා කරයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

“ආදරණිය ගුරු මැණීවරුන්ට පියවරුන්ට වැද නමස්කාරව ආදරයෙන් ආයාචනා කරනවා මේ රුපියල් 5000ට 7000ට 12,000ට මේ ජාතියේ අනාගතය පාවා දෙන්න සූදානම් ‍වෙන්න එපා කියලා. ස්ටාලීන්ට ඕන විදිහට තමන්ව පාලනය කරන්න දෙන්න එපා. පහුගිය දවස්වල මේ කොරෝනා රෝගයෙන් මේ මට් ටමට අපි පාලනය කරගත්තා. ඒ නිසා මේ පාලනය කරපු කොරෝනා රෝගය නැවත ව්‍යාප්ත කරන්න තමයි මොවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ.


බොහෝම අහිංසකව දූ දරුවන්ගේ අධ්‍යාපනය සමඟ සෙල්ලම් නොකර කරුණාකරලා 21 වෙනිදා පාසැල්වලට ගිහිල්ලා දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙන්න සහයෝගය දෙන්න කියලා අපි කාරුණිකව ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ ප්‍රශ්නය අපි සානුකම්පිතව බලනවා . අවුරුදු 24 ක තිබෙන ප්‍රශ්නය මේ බජට් එකේදි බැසිල් රාජපක්ෂ මැතිතුමා බොහෝම සාධාරණ නිවැරදි පිළිතුරක් ඔබට ලබා දෙනවා කියලා පොරොන්දුව ලබාදිලා තිබෙනවා.

2022 විසර්ජන කෙටුම්පත වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ රජයේ වියදම කෝටි 3300 න් අඩු කිරීමත් සමඟ රටකට සුභදායි පණිවිඩයක් ලැබුණා. මේ රට පළමුවතාවට ජනාධිපතිවරයා සිය වියදම බිලියන 6.6 කින් අඩුකර ගනිමින්, තමන්ගේ වියදම කප්පාදු කරගෙන ආදර්ශමත් රාජ්‍ය නායකයෙක් අපිට ඉන්නවා.

මේ පැන්ඩෝරා පත්‍රිකවේදි හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මැතිතුමියගේ ස්වාමියාගේ නම සඳහන් වනු ඇත. නමුත් විපක්ෂය හිනෙන් නැගිටලා වගේ දැන් කියනවා රාජපක්ෂවරුන්ගේ සල්ලි ටික තිරු නඩේෂන් ලඟ තිබෙන්නේ කියලා. 2005 සිට 2015 දක්වා ඉතාම සාර්ථකව මේ රට හදපු මිනිස්සුන්ට පාවිච්චි කරපු වචන ටිකක් තිබ්බා. එහෙම කියපු වචන සෙට් එකක් හදලා තමයි යහපාලන නඩය බලයට ආවේ. ඒ බලයට ආපු යාහපාලන නඩය මේ රට විනාශ කළා. නැවතත් ඒ නඩය එකතුවෙලා තමයි මේ වචන සෙට් එක එළියට ගේන්නේ. විපක්ෂයට කියන්න කැමති ජනතාව අන්දන්න පුළුවන්කමක් නෑ මේ වැඩපිළිවෙල සම්බන්ධව.මේ වගේ පුංචි දේවල් අල්ලගෙන තමයි අද විපක්ෂය ජනතාව අතරට යන්න හදන්නේ. අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධව කෙලින් සිටිනවා. එතුමා මේ සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත්කරලා එහි වාර්තාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ කාරණයේදි පක්ෂ විපක්ෂව භේදයකින් තොරව අපි බොහෝම කෙලින් සිටිනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනවා. ඒ සර්ව පාක්ෂික සමුළුව කැඳවන්නේ අභයාරාමයේදියි. පාස්කු ප්‍රාහාරය කරපු ගමන් කැඳවන්න ඕන සර්ව පාක්ෂික සමුළුව නේ මෙතුමා ගුරු ගැටලුව සම්න්ධව කැඳවන්නේ. දැන් මොන සර්ව පාක්ෂික සමුළුවද? එදා බලය තිබුණු අවස්ථාවේ ඒවා විසඳන්න තිබුණනේ.මේ රටේ ආර්ථිකය වැටිලා තිබෙන අවස්ථාවේ බැරි නිසයි බැහැ කියන්නේ. ඒ නිසා මෛත්‍රිපාල මහත්තයෝ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න පෙර කරුණාකරලා පාස්කු ප්‍රහාරය සම්න්ධව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න.”

Exit mobile version