රුපියල් මිලියන 400ක ගම්පොල කුණු ව්‍යාපෘතිය කොටඋඩ

උපේක්ෂා උඩුවැරැල්ල –

ආසියානු සංවර්ධන බැංකුව අනුග්‍රහයෙන් රුපියල් මිලියන හාරසියයක ව්‍යාපෘතියක් ගම්පොල නගරයේ කුණු කසල කළමණාකරණය සඳහා හදුන්වා දී වසරකට ආසන්න කාලයක් ගතව තිබුණද එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා යෝජිත ඉඩම මේ වන තෙක් නිදහස් කර ගත නොහැකි වීමෙන් ගම්පොල කුණු ප්‍රශ්නය දිනෙන් දින වැඩිවන බව පළාත් කොමසාරිස් මේනක හේරත් පවසයි .

ඝණ අපද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතියක් සදහා අදාල ඉඩම නිදහස් කර ගැනිමට ඉඩක් නොලැබීම හේතුවෙන් ගම්පොල නගරයේ දරුණු කුණු කසල ගොඩ ගැසීමේ ගැටලුවක් උද්ගත ව තිබෙන බවද හෙතම කීය.

දැනට ගම්පොල කුණු ගෙනයන්නේ දඹුල්ල නගරය වෙතට බවත්, ගම්පොල නගර සභාව මුහුණ දි ඇති දරුණුම ප්‍රශ්නය කුණු කසල බැහැර කිරිමට නිශ්චිත ස්ථානයක් නොමැති වීම බවත් හෙතෙම කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සහ පොලිසිය එක්ව මෙම ගැටලුවට විසඳුම් සොයමින් සිටින බවද ඉඩම නිදහස් කර ගන්නා තුරු කුණු කසල බැහැර කිරිමේ ගැටලුව නොවිසඳෙන බවද හෙතෙම කීය.

 

 

Exit mobile version