රුපියල් මිලියන 250ක වියදමින් ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කෙරේ…

රුපියල් මිලියන 250ක වියදමින්, යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහිතව දිවයින පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ යටතේ දික්වැල්ල විජිත විද්‍යාලය, හංවැල්ල රාජසිංහ මධ්‍යමහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලය, පොලොන්නරුව රාජකීය විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, අම්පාර ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රී කුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය, යාපනය මධ්‍යමහා විද්‍යාලය, ගම්පහ හේනේගම මධ්‍යමහා විද්‍යාලය, මොනරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය, මන්නාරම මුරුන්ගන් මධ්‍යමහා විද්‍යාලය, රත්මලාන හින්දු විද්‍යාලය මෙසේ සංවර්ධනය කිරීමට යෝජිත පාසල්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ යටතේ ක්‍රීඩා පිටි සකස් කිරීම, ක්‍රීඩා මණ්ඩප සකස් කිරීම, නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම මේ යටතේ සිදුවේ.


Exit mobile version