රුපියල් දස දහසේ කොවිඩ් සහන මල්ලෙනුත් ගසා කාලා….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

නිරෝධායන පනත යටතේ නිරෝධායනය කළ පුද්ගලයන් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් දස දහසක සහන මල්ලෙන් ගසාගෙන කන ජාවාරමක් වාර්තා වී ඇතැයි රජයේ විශේෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ බව මුලින්ම හෙළිදරව් වන්නේ මෙම සහන මල්ල ලැබුණු සමහර පුද්ගලයන් විසින් තමන්ට ලැබුණු බඩුවල වටිනාකම රුපියල් පන්දහසක් වත් නොවන බවට අදාල විමර්ශන අංශවලට පැමිණිලි කිරීමත් සමගිනි. රජයේ භාණ්ඩ බෙදා දීමේ දී එම භාණ්ඩ ලබන්නාට ඔහුට ලැබෙන බඩු මල්ලේ ඒ ඒ ද්‍රව්‍යවල වටිනාකම, එය ලබා ගත් ස්ථානය පිළිබඳ සඳහන් බිලක් ලබා දිය යුතු වුවත් මේ බෙදා දීම්වලදී එවැනි බිල් නොලැබුණු බවට බොහෝ දෙනාගෙන් පැමණිලි ලැබී තිබිණි. එළවළු, පළතුරු, ධාන්‍යවර්ග ඇතුළු අත්‍යාවශ්‍ය නිශ්චිත භාණ්ඩ ලයිස්තුවක් රජය විිසින් මේ භාණ්ඩ මල්ල සඳහා නිර්දේශ කර තිබිණි. එම භාණ්ඩ බෙදා දීමේ වගකීම පැවරුනේ ප්‍රාදේශීය ලේකම්වරයාටය. ප්‍රාදේශී්‍ය ලේකම්වරයා ප්‍රදේශයේ ලියාපදංචි තෝග වෙළෙඳසල්, සතොස, සුපරි වෙළෙදසල් ජාලා වෙතින් මිල ගණන් කැඳවා අඩුම මිලට එම භාණ්ඩ ලබා දිය හැකි ආයතනය වෙත එය පැවරීම මේ භාණ්ඩ මිල දී ගැනීමේ  ක්‍රමවේදය ය. භාණ්ඩ බහාලුම් සකස් කරන්නේ එම ආයතනය විසිනි. අනතුරුව පළාතේ ග්‍රාමසේවක හා සමෘද්ධි නිලධාරීන් වෙත එම භාණ්ඩ නිරෝධායනය වන පුද්ගලයන්ගේ නිවෙස් වෙත ගෙනගොස් දීමේ වගකීම පැවරේ. මේ ක්‍රියාවලිය තුළ කොතැනක හෝ විශාල අර්බුද නිර්මාණය වී ඇති බවත් ඒ සම්බන්ධව විශේෂ විරමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රජයේ විමර්ශන අංශ ලංකාසරට පැවසීය.

Exit mobile version