රුපියල් ට්‍රිලියනයක කප්පමක් ගන්න පුද්ගලයෙක් පැහැරගත් කප්පම් කරුවන් කොටු…

බැංකු ගිණුමට ට්‍රිලියනක් වැටුණු වග දැනගෙන කප්පම ගන්න කොළඹ සිට වවුනියාවෙ ඇවිත්...

දිනසේන රතුගමගේ –

රුපියල් ට්‍රිලියනයක මුදලක් ලබා ගැනීම සදහා වවුනියාවේ පුද්ගලයෙකු පැහැර ගැනීමට කොළඹ සිට  පැමිණි සැකකරුවන් හය දෙනෙකු වවුනියාවේ පූවරසන්කුලම පොලීසිය විසින් 16 දා අත් අඩංගුවට ගෙන වවුනියාව පොලීසිය වෙත බාර දී තිබේ.

වවුනියාවේ නෙලුකුලම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට රුපියල් ට්‍රිලියනයක මුදලක් විදේශ රටකින් බැරවීමෙන් පසුව ඒ බව දැනගත් පුද්ගලයින් හය දෙනෙකු කොළඹ සිට මෝටර් රථ දෙකකින් වවුනියාවට පැමිණ අදාල පුද්ගලයාව පැහැර ගෙන තිබේ.

මේ පිළිබදව පූවරසන්කුලම පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුවන් පිළිබදව විපරමෙන් සිට පුද්ගලයාව පැහැර ගැනීමෙන් පසුව අත් අඩංගුවට ගෙන වවුනියාව මුලස්ථාන පොලීසිය වෙත බාර දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version