රුක්ෂාන් බෙල්ලන වෙනුවෙන් නොවේ… වර්ජන රැළි හදලා විනාශ කරන්න යන රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරගන්න පෙනී ඉන්නවා. GMOA කියයි!

Chamil-Wijesinghe- GMOA

පුද්ගලයෙක් ලෙස රුක්ෂාන් බෙල්ලන වෙනුවෙන් නොව  මේ   රටේ පවතින   නිශ්චිත විධිමත් සෞඛ්‍ය සේවා රාමුව රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් කැපවන බවත්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද පැවසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණයෙන් පෙන්වා දුන්නේ කාලයක් තිස්සේ නිශ්ඡිත ක්‍රම වේදයක්   සහ ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ ගොඩනැගුනු විනයක් මත    එම ක්‍රමවේදයට අනුගත වී  සියලුම සෞඛ්‍ය සේවකයින් රාජකාරි කළ බවය.

සෞඛ්‍ය පද්ධතියේ නායකත්වය දරන්නේ සෞඛ්‍ය ඇමතිවරයා වුවත් සෞඛ්‍ය ඇමතිවරයාට අවශ්‍ය ආකාරයට හෝ පද්ධතිය හසුරුවන්නට බැරි බවත් එහි වටිනාකම එය බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

“මේ ක්‍රමවේදයක් ඇතුළෙ අපේ  සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රමවේදය ආරක්ෂා කරගැනීම නිසා තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය  අපට ලෝකයේ ඉහළින්ම ඔසවා තබන්න   හැකියාව ලැබිලා තියෙන්නේ.  මේ රටේ ජනතාව සෞඛ්‍ය සේවයින්ට සුව විරුවො කියන්නේ ඒ නිසා. ඒ පද්ධතිය ආරක්ෂා කරගැනීම වැදගත්. “


“අද දවසේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙතෙන්ට ආවේ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදිහට.  අනික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුත් මෙතෙන්ට ආවා.  එතනදිත් අපි පැහැදිලිව කිව්ව කාරණාව තමයි ප්‍රතිපත්ති මත පිහිටලා ක්‍රමවේදය ආරක්ෂා කරගැනීම කියන කාරණය වටිනවා කියන එක. රටේ රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය පද්ධතිය තුළ විනය ආරක්ෂා කරගැනිම කියන එක වටිනවා.

ඒ හරහා අපි බැඳිලා ඉන්නවා ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් සපයන්න. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආක්ෂා කරන්න. ඒ නිසා මොනයම් පාර්ශවයක් හරි උවමනාවෙන් තමන්ගේ පෞද්ගලික අරමුණු මත පිහිටලා මේ පද්ධතිය විනාශ කරන්න උත්සාහ කරනවා නම් ඒ හරහා මේ රටේ සෞඛ්‍ය සේවාව විනාශ කරන්න උත්සාහ කරනවා නම් සෞඛ්‍ය සේවා පවත්වා ගැනීමට බාධා කිරීමට උත්සාහ කරනවා නම් අපට ඒ සඳහා එකඟ වෙන්නට බෑ.  සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා තීන්දු තිරණ ගන්න ඕන.”

සියලු දෙනා පත් වෙන්නේ නිශ්චිත ක්‍රම වේදයක් යටතේ බවත් ඔවුන් සම්බන්දව විනය ක්‍රියා මාර්ග ගන්නා ක්‍රමවේදයක් ද පවතින බවත්  කී වෛද්‍ය චමිල් විජේසිංහ.   මේ වනවිට සෞඛ්‍ය පද්ධති හරහා යන වැඩ වර්ජන මාලාව සහ  ඒ හා බැඳුණු අවශේෂ ක්‍රියාවලීන් නිසි ලෙස සමාලෝචනය කර   ඉතා සංයමයෙන් මේ පසුපස ක්‍රියාත්මක වන්නේ කුමක්දැයි වටහා ගත යුතු බවත් ඔහු පැවසුවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එක් වීම සම්බන්ධව කිසිම සාකච්ඡාවක් නොවුන නමුත් ඔහුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටි අතීතයක් තිබුණා සේම රටේ සෑම වෛද්‍යවරයෙකුගේම මහ ගෙදර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යැයි ද පැවසුවේ රැකවරණය අවශ්‍ය වෙලාවට ඔවුන් සියලු දෙනාම පැමිණෙන තැන මෙතැන බව පෙන්වා දෙමිනි.

Exit mobile version