“රිෂාඩ් ගත්තොත් අපි ඇමැතිකම් අත් හරිනවා”

ඇමැතිවරු කිහිප දෙනෙක් මහින්දට කියති

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා ආණ්ඩුවට යළි එක් කර ගැනීම පිළිබඳව විරෝධය පළ කරන ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනකු ඔහු ආණ්ඩුවට එක් කර ගත හොත් තම අමාත්‍ය තනතුරු අතහරින බවට ප්‍රකාශ කර ඇති ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

බදූර්දීන් මේ ආකාරයෙන් ආණ්ඩුවට යළි එක් කරගන්නේ නම් තමන් මෙම තනතුරු අතහරින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

රිෂාඩ් බදූර්දීන් ආණ්ඩුවට එක් කර නොගන්නා බවට පසුගිය මැතිවරණයේදී ජනතාවට පොරොන්දුවක් දී ඇති බවත් දැන් එම පොරොන්දුව කඩ කරමින් ඔහු ආණ්ඩුවට එක් කර ගැනීමට දරන උත්සාහය පිළිබඳව දැඩි විරෝධයක් දක්වති. දැනටමත් මේ සමබ්න්ධයෙන් ප්‍රසිද්ධියේ තම මතය පළ කර ඇති අතර තවත් අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙසේ තම මතය අග්‍රාමාත්‍යවරයා වෙත දන්වා අති බව සඳහන් වෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පසුගියදා වව්නියා ප්‍රදේශයේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ උත්සවයකට බදූර්දීන් මහතා ගෙන්වා ගැනීමත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් රැඳවුම් නියෝග මත සිටින බදූර්දීන් අමාත්‍යවරයාගේ සහෝදරයා නිදහස් කිරීමත් පිළිබඳව ඉහත ඇමැතිවරු සිය විරුද්ධත්වය පළ කර ඇති බව සඳහන් වේ.

Exit mobile version