රිෂාඩ්ගේ නිවසේ සිටි මෙහකාර දැරිය දූෂණය කර මරා දමලා… මහින්දානන්ද පාර්ලිමේන්තුවේ දී කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන්ගේ නිවසේ සිටි බාලවයස්කාර මෙහෙකාර දැරිය දූෂණය කර ඝාතනය කර ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එය ආරංචි වූ සැණින් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා බියපත් වී රෝහල් ගත වී සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේ දී කීවේය.

එහෙත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ දක්වා ඇත්තේ මෙම දැරිය දූෂණය වී ඇත්තේ මරණයට පත් වීමට කලකට පෙර බවය.

මේ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිෂාඩ් බදියුදීන් ගේ බිරිය ඇතුළු එහි නිවැසියන් සිව් දෙනෙකුගෙන් දුරකථන ඇමතුම් වාර්තා වහාම බොරැල්ල පොලිසියට ලබාදෙන ලෙස අද නියෝග කර තිබිණි.

Exit mobile version