රිය අනතුරකින් තරුණ ප්‍රවෘත්ති නිවේදිකාවක මියයයි

පැල්මඬුල්ල රත්නපුර මාර්ගයේ රිලාහේන ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිටි විසිනව හැවිරිදි උත්පලා සෙව්වන්දි නම් මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාව මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයේ රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව බස්රථයේ ගැටී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දෙහැවිරිදි නිවුන් දරුවන් ඇතුළු එකම පවුලේ 6 දෙනෙකු ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිට ඇත.


අනතුරින් මියගියේ එම දරු දෙදෙනාගේ මවයි.

ඇගේ පියා ත්‍රීරෝද රථය පදවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ මියගිය කාන්තාවගේ සැමියා සහ මාමණ්ඩිය ද සිට ඇති අතර ඔවුන් ද තුවාල ලබා තිබේ.

Exit mobile version