රිදියගම සෆාරි උද්‍යානයේ දෙවැනි අදියර මහජන අයිතියට !

Exif_JPEG_420

සූරියවැව නුවන් ජයසේකර

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ අක්කර 34කින සමන්විත දෙවැනි අදියර වනජීවී,වන සංරක්ෂණ හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණි.

.රිදියගම සෆාරි උද්‍යානයට එක් කෙරුණු නව කොටස අක්කර 34කින් සමන්විත වන අතර එම කොටසද කලාප 03කින් සමන්විතය.

එහි ඕළු මුවා,ගෝන මුවා,මීමින්නා වැනි ශාඛ භක්ෂක සතුන් සදහා වෙනම කළාපයක් වෙන් කර ඇති ඇත.

සුරතල් සතුන් සමග විනෝද විමට, සතුන්ට කෑම ලබාදිමට හා සතුන් සමග ජායාරූප ගැනිමටද වෙනම කලාපයක් ඉදිකර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව සත්ව අභිජනන සංරක්ෂණ සහ පක්ෂීන් ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක්ද ඉදිකර තිබේ. අක්කර 500කින් සමන්විත  රිදියගම සෆාරි උද්‍යානය කලාප 13කින් සමන්විත වන අතර එහි අක්කර 200ක පළමු අදියර මීට වසර කිහිපයකට පෙර වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කෙරුණි. එහි අක්කර 35ක අප්‍රිකානු සිංහ කලාපයක්, අක්කර 80ක ශාඛ භක්ෂක සතුන් කලාපයක් හා අක්කර 54ක ආසියානු අලින්ගේ කලාපයක් හා බෙංගාලි ව්‍යාග්‍ර කළාපයක්ද වේ.

 

Exit mobile version