රැඳවියන්ට සැපදුන්න මීගමුව බන්ධනාගාර ලොක්කා සහ ගෝලයන් අත්අඩංගුවට ගන්න

නීතිපති දප්පුල ද ලිවේරා මහතා

බන්ධනාගාර රැඳවියන් හට උපකරණ, ජංගම දුරකථන ඇතුළු විශේෂ පහසුකම් සැපයීම ඇතුළු චෝදනා මත දැනට වැඩ තහනමට ලක් ව සිටින මීගමුව බන්ධනාගාරයේ අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගන්නැයි අද නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වනු ලැබ ඇත්තේ අධිකරණයෙන් මේ සම්බන්ධ කරුණු වාර්තා කොට නියෝගයක් ලබාගෙන ඒ අනුව අත්ඩංගුවට ගන්නා ලෙසය.

Exit mobile version