රාල්මඩුව කුඹුරු යායේ වී කුරුල්ලන් 1000ක් පමණ මැරී වැටිලා

කේ.ප්‍රියංකර කළුපහන –

වනාතවිල්ලුව, එළුවන්කුලම, රාල්මඩුව කුඹුරු යායේ වී කුරුල්ලන් 1000ට ආසන්න ප්‍රමාණයක් තැනින් තැන මරණයට පත්ව ඇති බව වනාතවිල්ලුව අඩවි වනා ජීවි නිළධාරින් සදහන් කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ රාල්මඩුව කුඹුරු යායේ වී කෑමට පැමිණ සිටි වී කුරුළු ග්‍රහණයක් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ. දින කිහිපයක සිට රාල්මඩුව කුඹුරු යායේ මෙලෙස තැනින් තැන මරණයට පත්ව සිටි වී කුරුල්ලන් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් වන ජීවි නිළධාරික්ට කල දැණුම් දීමකින් අනතුරුව ඔවුන් පැමිණ පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.

එම නිළධාරින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අදාල පක්ෂින් විෂ සහිත යම් දෙයක් ආහාරයට ගැනීමෙන් අනතුරුව මෙලෙස මරණයට පත්ව ඇති බවත්, ප්‍රදේශයේ ගොවියන් විසින් තම කුඹුරු වල වී අස්වැන්න රැක ගැනීම පිණිස මෙලෙස වස මිශ්‍ර යම් ද්‍රවණයක් කුඹුරු වලට ඉසීම නිසාවෙන් මෙලෙස සතුන් මරණයට පත්ව ඇති දැයි සැක පල කරන බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් කල මූලික පරික්ෂණ වලදී මේ වන විට වී කුරුල්ලන් 1000 ට අධික ප්‍රමාණයක් කුඹුරු යායේ තැනින් තැන මරණයට නතුව ඇති ආකාරය දක්නට ලැබුණි.

මෙම වී කුරුල්ලන් සෑම වසරකම කුඹුරු අස්වැද්දීමට ආසන්න කාල වකවානුවේ සිය කුඹුරු වලට විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහ ආශ්‍රිත කැලෑ පෙදෙස් වල සිට සංක්‍රමණය වන බව කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ පැමිණි කුරුල්ලන් අතරින් මෙලෙස කුරුල්ලන් 1000ට අධික ප්‍රමාණයක් මරණයට පත්ව තිබුණි.

Exit mobile version