රාජ්‍ය ඇමැති විමලවීරගෙන් බැනුම් ඇසූ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමේ සැලසුමක්

පසුගියදා පොළොන්නරුව සෝමාවතිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැමිණි අවස්ථාවේදී වනෝද්‍යානයේ ආරක්ෂාව වෙනුවෙන් අදහස් දැක්වීමට ගොස් රාජ්‍ය අමාත්‍යවරයාගේ උදහසට ලක් වූ අඩවි වන ආරක්ෂකයින් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යංශයේ ඉහළ පෙළේ බලධාරියකුගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බලපෑම් එල්ල වන බව එම ක්ෂේත්‍රෙය් ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

පසුගිය නොවැම්බර් මස 15 වැනිදා එම වනෝද්‍යානය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සංචාරකයක යෙදුණු රාජ්‍ය අමාත්‍යවරයා මෙම වනේද්‍යානයේ ඉඩම් පරිහරණයට ප්‍රදේශවාසීන්ට ඉඩ ලබා දීම පිළිබඳව ක්ෂේත්‍රයේදී ඇති වූ කතා බහේදී ලෙස වනෝද්‍යානයේ ඉඩම් පරිහරණයෙන් ඇති විය හැකි ගැටලු පිළිබඳව අමාත්‍යවරයාට පැහැදිළි කරන්නට ගිය නිලධාරීන් දෙදෙනා අමාත්‍යවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර මෙය මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය.

කෙසේ වුවද මෙම නිලධාරීන් දෙදෙනා අමාත්‍යවරයාට තම කටයුතු කිරීමට බාධාකළ බවට චෝදනා කරමින් වැඩ තහනමකට ලක් කොට ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවත්වීම සඳහා අදාළ උපදෙස් ඉහළ බලදාරියකු විසන් දෙනු ලැබ ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ පිළිබඳව වන ජීවී සංකර්කෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවද

Exit mobile version