රාජ්‍ය ඇමති විමලවීරට බදාදා තීරණාත්මක දිනයක්ලු!

මේ මොහොත වනතෙක් තමන්ට කොරෝනා වැළඳී නැති බවත් එහෙත් තමන්ට කොරෝනා ඇතැයි ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවත් අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාසරට පැවසීය.

කොරෝනා වැළඳී ඇත්ද යන්න පිළිබඳ ඇන්ටිජන් පරීක්ෂණයෙන් තමන්ට කොරෝනා නොමැති බව තහවුරු වී තිබෙන බව පවසන විමලවීර දිසානායක මහතා ඒ සමඟ කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල හෙට දින ලැබීමට නියමිතව ඇතැයි ද අනාවරණය කළේය.

හෙට නිකුත්වන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තමා කොරෝනා රෝගියෙකු බවට අනාවරණය වුවහොත් බොහෝ පිරිසකට කොරෝනා තමන්ගෙන් වැළඳීමට ඉඩකඩ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.


පසුගිය පස් වෙනිදා සිට දිගටම පාර්ලිමේන්තුවට පැමිණි බවත් ඒ අනුව එහි ප්‍රභූන් රැසක් ඇසුරු කළ බවත් රැස්වීම් ගණනාවකට සහභාගි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දිනවල සිය නිවසට වී නිරෝධායනයේ නිරතව සිටින බව අනාවරණය කළ ඒ මහතා හෙට තීරණාත්මක දිනයක් බවට වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version