රාජ්‍ය ඇමති දිලුම් යාලුවන් එක්ක යාලේ නීති කඩයි

යාල ජාතික වනෝද්‍යානයේ නව බුතව සංචාරක නිවහනට වන ජීවි නීති උල්ලංඝනය කරමින් පැමිණි, වාහන නියාමන, බස් ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නියමිත සංචාරකයින් ප්‍රමාණයට වඩා සිව් ගණනක් රැගෙන විත් දින දෙකක් ගත කොට ඇති බව ලංකාසරට වාර්තා වේ.

පසුගිය සති අන්තයේ ඔවුන් මෙසේ පැමිණ ඇත්තේ රාජකාරී කටයුත්තකට බව පවසමිනි.

අදාළ විෂය භාර අමාත්‍යවරයා හරහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේනතුවෙන් අවසරය ලබා ගෙන ඇති බව පවසන මෙම රාජ්‍ය අමාත්‍යවරයා සති අන්ත රාත්‍රි දෙකක් විනෝදකාමී ලෙස ගත කොට ඇති අතර මෙම සංචාරක නිවහනේ රැඳී සිටීමට අවසර ඇත්තේ සංචාරකයන් දස දෙනකුට වුවද ඔවුන් 40ක් පමණ එහි පැමිණ ඇති බව වනජීවී ආරංචි මාර්ග සඳහන් කරයි.


කෙසේ වුවද වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරී කටයුත්තකට හැරෙන්නට විෂය පථයට යටත් නොවන වෙනත් රාජකාර කටයුතුවලට මෙම සංචාරක නිවහන් ලබානොදෙන අතර අදාළ රාජ්‍ය අමාත්‍යවරයාටද වන ජීවීන් සම්බන්ධ විෂය කටයුත්තක් අයත් නොවේ.

මේ පිළිබඳ අප කළ විමසීමේදී දිලුම් අමුණුගම අඅමාත්‍යවරයා මෙසේ කීය.

“අපි පෙරේදා යාල ගියා. එහේ නවාතැන් පහසුකම් ලබා ගන්න ස්ථාන කිහිපයක්ම තිබෙනවා. දොළොස් දෙනකුගේ සීමාවට වැටුණ නවාතැන් ද ඒ අතර තිබෙනවා. නමුත් අපි ගියේ ඉස්සර නාවික හමුදාවට අයත්ව තිබූ මේ වන විට නවාතැන් පහසුකම් සදහා වීඅයිපී මට්ටමේ වෙන්කිරීම් මත ලබා ගතහැකි ස්ථානයක්. නිව් බුතව එකේ දොළොස් දෙනකු සදහා පමණයි කියන සීමාව නැහැ.

අපේ කණ්ඩායමේ හතලිස් දෙනෙකුත් හිටියේ නැහැ. මහනුවර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල විසි දෙකෙහි මගේ නියෝජිතයෝ එක්ක තමයි මම යාල ගියේ. රියදුරු මහත්වරුත් එක්ක හැමොම විසිපහක් හෝ තිහක් වගේ පිරිසක් ඉන්න ඇති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම ඇමතිතුමාගේ අවසරය ඇතිව අමාත්‍යංශයට කරුණු සියල්ල දැනුම් දීලා අවසර අරගෙන තමයි කට්ටිය ඒක්ක ගියේ. ඒ වගේ තැනක අපේ හිතුමතේට වැඩ කරන්න බැහැ.”

Exit mobile version