රාජ්‍ය අමාත්‍ය අරුන්දිකට කොවිඩ් පොසිටිව්…

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය   අරුන්දික ප්‍රනාන්දු කොවිඩ්  වෛරසය ආසාදනය වී තිබේ.

දැනට කොවිඩ් ආසාදනය වූ හත්වැනි  පාර්ලිමේන්තු නියෝජිතයා ඔහුය. මීට පෙර රවුෆ් හකීම්, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි , පියල් නිශාන්ත, වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු නියෝජිතයන්ට කොවිඩ් වෛරසය ආසාදනය විය.

තමන් කොවිඩ් ආසාදිත බව පරීක්ෂණවලින් තහවුරු වූයේ යැයි අමාත්‍යවරයා තහවුරු කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඇමතිවරයාගේ ආශ්‍රිතයන් නිරෝධායනය කර ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.

Exit mobile version