රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

අගමැති ඊයේ හොරෙන් කී කතාව අද ප්‍රසිද්ධියේ නෑ කියයි...

මාධ්‍ය වාර්තාවලට අනුව  රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණය කර නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ  ඉදිරි අතරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපන  අමාත්‍යාංශ  හැර  සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරන බවය.

එහෙත් ඊයේ ඉතා විශ්වාස  කටයුතු ආරංචි මාර්ග තහවුරු කළේ අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා අදාල අංශවලට නිර්දේශ ලබා දුන් ආකාරය ය.

එම තොරතුරත් සමග අද සහ ඊයේ රටේ ප්‍රධාන මාතෘකාව වූයේ මෙම දැනෙන සුලු වැටුප් වැඩිවීමක් සම්බන්ධව අගමැතිවරයාගේ ප්‍රකාශය ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් අද අග්‍රාමාත්‍ය මාධය අංශය අග්‍රාමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් නොකළ බව නිවේදනය කරයි.

Exit mobile version