රහස් ප්‍රදේශයේ සඟවාගෙන හෙරොයින් ප්‍රවාහනය කළ සැක කරුවන් 4ක් අත්අඩංගුවට

මාතර – සම්පත්-

රහස් ප්‍රදේශයේ  ගම්ටේප් තබා අලවා හෙරොයින් ප්‍රවාහනය කළ සැක කරුවන් සිව් දෙනෙක් මාතර දූෂණ මර්ධන කොට්ඨසයේ නිලධාරීන් විසින්     ඊයේ ( 20) අත්අඩංගුවට ගෙන ඇත.
මාතර නගරයේ සිට මාතර නූපේ ප්‍රදේශයට ගමන් කළ සැක කටයුතු  ත්‍රීරෝද රථයක් පසුපස හඹා එන එම නිලධාරීන්  දැක පලා යෑමට තැත් කළ  සැකකරුවන්  පරීක්ෂා කිරීමේ දී මේ බව හෙළිදරවු වී තිබේ.
 සැකකටයුතු  අවස්ථාවල බොහෝ දුරට ත්‍රිරෝද රථ පරික්ෂා කිරීම හා  සැකකරුවන්ගේ සාක්කු පරික්ෂා කිරීම හැරුණු විට වෙනත් සූක්ෂම පරීක්ෂණ නොකෙරෙන නිසා හෙරොයින් ප්‍රවාහනය සඳහා මේ ක්‍රමය යොදාගන්නට ඇති බව    මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් මාතර පොල්හේන ප්‍රදේශයේ  සැකකරු ( 33) සන්තකයේ හෙරොයින් මිලි  ග්‍රෑම් 1700ක් මාතර නූපේ  පදිංචි සැකකරු (24) සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 1200 ක් මාතර නගරයේ පදිංචි 21 හැවිරිදි සැකකරු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම්  1330ක් සහ වල්ගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සැකකරු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 1,200  ක් හා රියදුරු සන්තකයේ  හෙරොයින් මිලිග්රෑම් 1900 තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරුවන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත මාතර පොලිස් අධිකාරී 1 විජේගුණවර්ධන, මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්  උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර  පොලිස් සැරයන් 56615  සුනිල්  පොලිස් සැරයන් 37066 පතිරණ පොලිස් කොස්තාපල් 6403 අරුණ  පොලිස් කොස්තාපල් 73013 ක්‍රිශාන්ත පොලිස් කොස්තාපල් 66649 ජනක පොලිස් කොස්තාපල් 68160 වසන්ත පොලිස් කොස්තාපල් රියදුරු 80473  වසන්ත යන නිලධාරීන් වැටලීමට එක්වීය.

Exit mobile version