රනිල් ජයවර්ධනට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයක්….

බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් වූ පළමු ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා බවට පත්වෙමින්  නව බ්‍රිතාන්‍ය අගමැතිනී ලීස් ට්‍රස්ගේ නව කැබිනට් මණ්ඩලයේ පරිසර අමාත්‍යවරයා ලෙස පත් වී තිබේ.

ඔහු පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරනු ඇත.

වර්ෂ 2015 දී  ඊසානදිග හැම්ප්ෂයර් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස  ජෝර්ජ් යුස්ටිස් වෙනුවට පත්වන ජයවර්ධන එතැන් සිට මේ දක්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

ඔහු   2020 මැයි සිට 2022 සැප්තැම්බර් දක්වා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබිණි.  ලීස් ට්‍රෙස් විදේශ අමාත්‍යවරිය වීමට පෙර   රනිල් ජයවර්ධන ඇය හා කටයුතු කළේය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර රනිල් ජයවර්ධන ලොයිඩ්ස් බැංකුවේ සේවය කළ අතර හැම්ප්ෂයර් හි මන්ත්‍රීවරයකු ද විය.

 

Exit mobile version