රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

ලබන මස 20 වනවිට නව අගමැතිවරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්දව මේ වනවි දේශපාලන පක්ෂ කීපයක්    සාකච්ඡා ආරම්භ කර තිබේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක්, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ආණ්ඩුවේ සිටින ස්වාධීන පක්ෂ අතර මෙම සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරයට ධම්මික පෙරේරා, අනුර කුමාර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස යන අයගේ නම්   මේ වනවිට යෝජනා වී ඇති බව ඉහත ආරංචි මාර්ග ලංකාසර අනාවරණය කළේය.

අගමැති ධූරය සඳහා එසේ නම් යෝජනා වී තිබුණ ද  ජාතික ජන බලවේගය ,සමගි ජන බලවේගය ප්‍රධාන දේශපාලන පක්ෂ කීපයක මතය වී ඇත්තේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා ද ඉවත් වී සර්ව පාක්ෂිකව සකස් කරගන්නා නව වැඩපිළිවෙළක් යටතේ නිශ්ඡිත වූ කාල සීමාවක් සඳහා රට ඉදිරියට ගෙන යෑම යැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


රට මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වය හමුවේ මැතිවරණයකට   යෑමට නොහැකි නිසා සියලු පාර්ශවයන්ගෙන් සමන්විත  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගැනීම නව වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර කඩිනමින් විදේශ ණය හා ආධාර ලබාගෙන ඉතාම කෙටි කාලයක් තුළ රටේ ස්ථාවරත්වයක් ඇති කරගෙන මැතිවරණයකට යා යුතු බව නව ආණ්ඩුව පිහිටුවීමට මුල් වී ඇති දේශපාලන පක්ෂවල අරමුණක් වී ඇතැයි ඉහත ආරංචි මාර්ග තවදුරටත් කියයි.

Exit mobile version