“රන්ජන් වෙනුවෙන් මන්ත්‍රී ධුරය අත් හරිනවා “- නත්තල් දා රන්ජන් දකින්න ගිය හරීන් කී කතාව!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (25) බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක දකින්නට වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබිණි.

අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටියදී ඇති වූ රෝග තත්වයකටය ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමුකිරීමේන් අනතුරුව මේ වනවිට ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.

රන්ජන් රාමානයක දැකීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය.


“මා අද වැලිකඩ බන්ධනාගාරයට ගියේ මගේ හිතවත් මිත්‍ර, ආදරණීය රන්ජන් රාමනායක සහෝදරයා බලන්න. හිරගෙදර ඇතුළේ කටුක,   අත්දැකීම් තිබුණත් රන්ජන්ගෙ නිර්භීතකම වෙනදා වගේම පැවති බව මට අවධාරණය කරන්න වෙනවා. එක වචනයක වැරැද්දක් නිසා රන්ජන්ව සිරගෙට යවන්නේ බරපතල දඩුවමකින්.

“ඉතා මෑතක සිදු වූ පාස්කු ප්‍රහාර  ඛේදවාචකයේ චූදිතයන් නිදැල්ලේ සිටින විට, සීනි ආනයනය හරහා කෝටි ගණන් මුදල් වංචා කළ වංචාකරුවන් නිදැල්ලේ සිටින විට, අහිංසක ගොවීන්ට අසූචි දීමට තීරණය කර   ඒ අසූචිවලට වන්දි ගෙවීමට කෝටි සිය ගණනක ජනතා මුදල් විනාශ කළ අපරාධකරුවන් නිදහසේ සිටින විට     එක වචනයක් වැරදීම නිසා රන්ජන් හිරේ විලංගුවේ වැටිලා ඉන්නවා.“

අද නත්තල් ආශීර්වාද ලත් දිනය. ආදරයේ වදන්වලින් සාමයේ පණිවිඩය රැගෙන මෙලොවට පැමිණි පණිවිඩකරුවෙකුගේ උපන්දිනය.

ඇත්තටම රන්ජන් මගෙන් කළ  ඉල්ලීම් කිහිපයක් තිබුණා.

කිතුනු, කතෝලික සහ ශ්‍රී ලාංකික සැමට සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරන්න කියලා රන්ජන් කීවා.

තමාට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය බවත්, තම අභිලාෂයන් ඉටුකර ගැනීමට අවසරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් රන්ජන් ඉතා හැඟීම්බරව කිව්වා.

ඔහුගේ නිදහස වෙනුවෙන් අරගල කරන සියලු දෙනාට සහ  ඔහුගේ  නිදහස වෙනුවෙන් නිශ්ශබ්දව සහය දක්වන සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත්   ඔහු කිව්වා.

රන්ජන් නිදහස් කර ගැනීම සඳහා අපි දැඩි ලෙස සටන් කරන බවට මම සහතික වෙනවා. ඒ වෙනුවෙන් 2022 කැප වෙනවා.

ඒ වගේම මම රන්ජන්ට කිව්වා ඔහු නිදහස් වුණාම එතුමා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස     මගේ  ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් මා    ඉල්ලා අස්වෙන්න මම පසුබට වෙන්නේ නැහැ කියලා.

බයිබලයේ පවසන්නේ “යහපත් මිනිසෙක් තම සිතේ යහපත වපුරයි, නරක මිනිසෙක් තම සිතේ අයහපත වපුරයි”  කියලයි.

යුක්තිය සහ සාධාරණත්වය අගයන මේ රටේ මහජනතාවගෙන් අපට ඉල්ලීමක් තිබෙනවා. “විනිසුරු” යන වචනය උච්චාරණය කිරීමෙන් රන්ජන් වසර හතරක් සිරගත කරලා තිබෙනවා.

ඊනියා “මහා අපරාධ” සඳහා දඬුවම සාධාරණද? ඔබේ හෘද සාක්ෂියට සවන් දෙන්න.

මේ ආශීර්වාද ලත් නත්තල් දිනයේ සර්වබලධාරී දෙවියන් වහන්සේට මාගේ ආයාචනය මෙයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ස්වාමීනි, නොදැනුවත්වම වැරදි කළ මිනිසුන්ට අනුකම්පා කළ මැනව!”

Exit mobile version